Gossip

මොකක්ද මේ තව්හිද් ජමාත් ?

ශ‍්‍රී ලංකාවට ඉස්ලාම් ආගම මුලින්ම එන්නේ ක‍්‍රිස්තු වර්ෂ 550 දී පමණය. ඊළඟ අවුරුදු 50 තුළ එය රට තුළ ව්‍යාප්ත වන්නේ අරාබිකරයෙන් එන වෙළෙඳුන් මුලින්ම මුහුදුබඩ ප‍්‍රදේශවලත් ඊළඟට මධ්‍යම කඳුකරයෙහිත් පිරෙන්නට පටන් ගත් බැවිනි. ක‍්‍රි. ව. 700 වනවිට ඉන්දියන් සාගරයේ සමස්ත වෙළෙඳාම පාලනය කළෝ අරාබි වෙළෙන්දෝ ය.
වෙළෙඳාමට මෙහි ආ ඔවුහු මේ රටේම පැලපදියම්ව සිංහල ගැහැනුන් හා විවාහ වී පවුල් ජීවිත ඇරඹූහ.
සිංහල ගැහැනුන් අරාබි පිරිමින් හා විවාහ වූයේ ඉස්ලාම් ආගම වැළඳගැනීමෙන් පසුය.
මෙතැන් සිට ශ‍්‍රී ලාංකික මුස්ලිම් පරම්පරාවක් බිහිවිය. 1505 දී ශ‍්‍රී ලංකාව අත්පත් කරගත් පෘතුගීසි ආක‍්‍රමණිකයන් ඒ වනවිට ලංකාවේ බිහිව තිබූ මුස්ලිම් කොලණි විනාශ කිරීමටත්, මුස්ලිම් මිනිසුන් සංහාරය කිරීමටත්, ඔවුන් කතෝලික ආගමට හැරවීමටත් පටන් ගත්හ.
ඒ නිසා එකල ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව විශාල වශයෙන් අඩුවෙන්නට පටන් ගත්තේය. මේ අතර 1604 සිට 1635 දක්වා කන්ද උඩරට රාජධානියේ රජකම් කළ සෙනරත් රජතුමා පහතරට සිටි මුස්ලිම් ප‍්‍රජාවට තම රාජධානිය තුළත් නැගෙනහිර පළාත තුළත් දේශපාලන රැකවරණ ලබාදුන්නේය.
1981 දී මෙරට සිටි මුස්ලිම් ජනගහනය 197800 කි. එනම් රටේ සමස්ත ජනගහනයෙන් 7.17% කි. මීට අවුරුදු හතකට පෙර එනම් 2012 දී මේ රටේ සිටි මුස්ලිම් ප‍්‍රජාව 1967523 කි. එනම් රටේ මුළු ජනගහනයෙන් 9.66% කි. අද වනවිට මේ ගණන මිලියන තුන ඉක්මවීමට ඉඩ තිබේ. සුන්නි මුස්ලිම් සහ ෂියා මුස්ලිම් යනුවෙන් ඉස්ලාම් කණ්ඩායම් දෙකක් ලොව වෙසෙති. මහම්මත්තුමාගේ අභාවය සිදුවූ ක‍්‍රි. ව. 632 න් පසු මේ බෙදීම ඇතිවිය. සුන්නි සහ ෂියා යන කණ්ඩායම් දෙකම අල්ලා දෙවියනුත්, මහම්මත්තුමාත් විශ්වාස කරති. එසේම මේ දෙපාර්ශ්වයම ශුද්ධ වූ කුරානය ද විශ්වාස කරති. එහෙත් මේ දෙපාර්ශ්වය අතර සුවිශාල වෙනස්කම් ඇත. ලොව සිටින ඉස්ලාමීයයන්ගෙන් 85% ක්ම සුන්නිය.15% ක් ෂියා ය. ලොව පුරා සුන්නි මුස්ලිම්වරු බිලියන 1.6 ක් වෙසෙන අතර ෂියා මුස්ලිම්වරු මිලියන 200 ක් වෙති. සුන්නිවරුන් අදහන පරිදි මහම්මත්තුමාගේ අනුප‍්‍රාප්තියකුට උන්වහන්සේ සමඟ ඥාති සම්බන්ධයක් තිබිය යුතුම නැත. උන්වහන්සේගේ ප‍්‍රතිපත්ති අනුගමනය කරන බැතිමතෙකුට උන්වහන්සේගේ අනුප‍්‍රාප්තියකු විය හැකිය.
එහෙත් ෂියාවරුන් පිළිගන්නේ මහම්මත්තුමාගේ අනුප‍්‍රාප්තිකයා උන්වහන්සේගේ ලේ ඥාතියකු විය යුතු බවය. මේ කොටස් දෙක යාච්ඤා කරන ආකාරය ද වෙනස්ය. ෂියාවරුන් කියන්නේ දිනකට පස් වරක් දෙවියන්ට යාච්ඤා කළ යුතු නමුත් එය වාර තුනකදී කිරීම ප‍්‍රමාණවත් බවය. සුන්නිවරුන් කියන්නේ වෙන් වෙන්ව පස් වරක් යාච්ඤා කළ යුතු බවය. ෂියාවරු තාවකාලික විවාහය පිළිගනිති. සුන්නිවරු එය පරදාර සේවනය ලෙස සලකා බැහැර කරති.
ගෝලීය ඉස්ලාමීය අධිරාජ්‍යයක් ඇති කිරීම සඳහා 1999 දී ජෝර්දානයේදී ISIS සංවිධානය පිහිටුවන ලදී. මෙහි ආරම්භකයා අබු මුසාබ් අල් සර්කාවි ය.
අල් කයිඩා සංවිධානය 1988 දී පිහිටුවන ලදී. ඔසාමා බින් ලාදින් මෙහි නායකයා විය. මේ ත‍්‍රස්තවාදී සංවිධාන දෙකට බැඳීම සඳහා ඉල්ලූම්පත් දැමීමක් කිසිසේත්ම අවශ්‍ය නොවේ. එසේ බැඳීම සඳහා ඇති ක‍්‍රමවේදය ඉතාම පහසුය. එවැනි අවශ්‍යතාවක් ඇති ඉස්ලාමීය තරුණයකුට හෝ වැඩිහිටියකුට ආගම්වාදී කඩාකප්පල්කාරී වැඩ කිහිපයක් කිරීමෙන් සංවිධානයට බැඳීමට හැකිය. උදාහරණයක් වශයෙන් ලංකාවේ සිටින එවැනි අන්තවාදියකුට, පන්සලකට හෝ පල්ලියකට ගල් ගැසීම, බුදු පිළිම කැඞීම, ඉස්ලාම් නොවන ආගමිකයන්ට හිංසා කිරීම වැනි ක‍්‍රියාවලින් වැඩ පටන් ගැනීමට පුළුවන. මේ කඩාකප්පල්කාරී ක‍්‍රියා කරමින් වසර තුනක් පමණ කල් ගතකරන විට එක්තරා දවසක සල්ලි බෑගයක් අතින් ගත් අරාබි මහතෙක් කටුනායක ගුවන්තොටුපළින් ලංකාවට පැමිණ බේරුවලට හෝ කාන්තන්කුඩියට පැමිණෙයි.
ඉන්පසු ඉස්ලාමීය සංවිධානයක් හරහා පෙර කී අන්තවාදී තරුණයා හමුවන ඒ මහතා තරුණයා අතට සල්ලි බෑගය දී මෙසේ කියයි, ”ඔබ ඉතාම යහපත් ඉස්ලාමීය දරුවෙක් බව අප දන්නවා.
ඔබ ආගම වෙනුවෙන් ශුද්ධවූ යුද්ධයක් අරඹා ඇති බවත් අප දන්නවා. මිථ්‍යාදෘෂ්ටික ආගම් හැකි පමණින් විනාශ කිරීම සුදුසුයි. එය දිගටම කරගෙන යන්න. ඒ සඳහා මේ මුදල් පාවිච්චි කරන්න. තව කට්ටිය මෙයට එකතු කරගන්න. ඔවුන්ටත් මේ මුදලින් කොටසක් දෙන්න. ඔබේ ඉදිරි කටයුතුවල ප‍්‍රගතිය අනුව තවත් මුදල් එවන්නම්…”
අරාබි මහතා ගෙනෙන බෑගය තුළ අවම වශයෙන් රුපියල් කෝටියක් ඇත. මේ මුදල දැකීමෙන් උද්දාමයට පත්වන තරුණයා තම ත‍්‍රස්තවාදී ව්‍යාපාරයට තවත් දෙතුන් දෙනකු බඳවා ගෙන වැඩිදුරටත් ත‍්‍රස්ත ක‍්‍රියා කිරීමට පටන් ගනී. මෙවැනි මූලික ත‍්‍රස්ත එකතුවක් හඳුන්වනු ලබන්නේ Clandastine Cel එකක් හෙවත් Terror Pocket එකක් වශයෙනි. ඉකුත් ඉරිදා කොළඹ කොච්චිකඬේ පල්ලියට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කරමින් රට පුරා ත‍්‍රස්ත ක‍්‍රියා මාලාවක් සිදු කළ ජාතික තවුහිද් ජමාත් සංවිධානය ද මෙවැනි Clandastine Cel එකක් ලෙස ආරම්භ වූ සංවිධානයක් බව අපි විශ්වාස කරමු. කොටි සංවිධානය හඳුන්වන ලද්දේ LTTE යන නමිනි. ජාතික තවුහිද් ජමාත් සංවිධානය හඳුන්වනු ලබන්නේ NTJ යන නමිනි. මෙහි දෙවනුව කියන NTJ අකුරු තුනට ද ශ‍්‍රී ලාංකිකයන් හුරු පුරුදු විය යුතු කාලය පැමිණ ඇත.
තව්හිද් ජමාත් යන නමින් හැඳින්වෙන ඉස්ලාමීය සංවිධාන 10 ක් රටවල් 8 ක තිබේ.
ඉන්දියාවේ මෙනමින් යුතු සංවිධාන 2 ක් ඇති අතර ශ‍්‍රී ලංකාව තුළ ශ‍්‍රී ලංකා තවුහිද් ජමාත්, ජාතික තවුහිද් ජමාත් යනුවෙන් සංවිධාන දෙකක් ඇත. කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇමරිකාව, මහා බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, ඔස්ටේ‍්‍රලියාව යන රටවල මේ සංවිධාන 1 බැගින් පිහිටා තිබේ. ශ‍්‍රී ලංකාවේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය එනමින් මෙරට පිහිටු පළමුවන ඉස්ලාමීය ඇති ප‍්‍රථම ත‍්‍රස්තවාදී සංවිධානය වන අතර එනමින් ඇති සෙසු සංවිධාන සියල්ල දැනට කටයුතු කරන්නේ සමාජ සේවා සංවිධාන ලෙසය.
ශ‍්‍රී ලංකාවේ දැනටත් ක‍්‍රියාත්මක වන ශ‍්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය (මෙය ත‍්‍රස්තවාදී ජාතික තවුහිද් ජමාත් සංවිධානය නොවේ) ඇතැම් ඉස්ලාමීයයන්ගේ විරෝධයට පාත‍්‍රව ඇත. ඔවුන් කියන්නේ එම සංවිධානය සවුදි අරාබියෙන් මුදල් ලබාගන්නා බවය.
ශ‍්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය 2015 දී කුරානයේ සිංහල පරිවර්තනයක් එළිදැක්වීමට උත්සාහ කළේය.
සෙසු මුස්ලිම් සංවිධාන එයට බොහෝ සේ විරුද්ධ විය. කුරානය එළිදැක්වීමේ උළෙලට තමිල්නාඩු ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ආරම්භකයා වූ පී. ජයිනල් අබ්දින් මවුලවිතුමාට ආරාධනා කරන ලදී. එහෙත් ඉස්ලාම් බලවේගවල බලපෑම නිසා ලක් රජය ශ‍්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා අවශ්‍ය වීසාව මවුලවිතුමාට ලබාදුන්නේ නැත.
ශ‍්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය ද 2013 සිටම ජනතාවගේ බලවත් අප‍්‍රසාදයට ලක්ව සිටි සංවිධානයකි.
එම සංවිධානයේ මහ ලේකම් ආර්. අබ්දුල් රසික් බුදුදහමට බරපතළ අපහාසයක් කරමින් ගෞතම බුදුන්වහන්සේ සම්බන්ධයෙන් ඉතාම නීච ප‍්‍රකාශ දෙකක් කළේය. (එම ප‍්‍රකාශ මෙහිලා සඳහන් කරනු නොලැබේ.) මේ ප‍්‍රකාශය පෙන්වන වීඩියෝවක් ද අන්තර්ජාලයේ තිබේ.
ජාතික තවුහිද් ජමාත් සංවිධානය යනු ශ‍්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයෙන් 2016 දී කැඞී ගිය පිරිසක් විසින් අරඹන ලද ත‍්‍රස්ත සංවිධානයකි. මෙය ඉස්ලාමය ලොව පුරා පැතිරවීම සඳහා ශුද්ධවූ යුද්ධයක් (ජිහාඞ්) කිරීමට කැපව සිටී. එහිදී ඉස්ලාම් නොවන ආගම් සියල්ල විනාශ කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත.
පසුගිය වසරේදී ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවලදී බුද්ධ ප‍්‍රතිමාවලට හානි කිරීම සහ නුවර දිගන ප‍්‍රදේශයේ හටගත් සිංහල – මුස්ලිම් කෝලාහල පිටුපස මේ සංවිධානය සිටින බව දැනගන්නට ඇත. මෙහි නායකයා වන සහරාන් හෂීම් නමැති ඉස්ලාමීය පූජකයා දැනට නිදැල්ලේ හැසිරෙන බව විශ්වාස කෙරේ. ඔහු Youtube සහ Facebook ඔස්සේ අල්-ගුරාබ් මීඩියා නමැති ගිණුම හරහා ත‍්‍රස්තවාදී අදහස් පතුරවමින් සිටී.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

විශේෂාංග
‘මේ ප‍්‍රශ්නයෙන් ගොඩයන්න නම් බුද්ධි නිලධාරීන්ට නෛතික ආවරණයක් දිය යුතුයි…’ මට බලයක් ලැබු ණොත් බුද්ධි නිලධාරීන්ට ආරක්‍ෂාව දෙනවා!
Apr 28 2019 00:00Hits 189
‘මේ ප‍්‍රශ්නයෙන් ගොඩයන්න නම් බුද්ධි නිලධාරීන්ට නෛතික ආවරණයක් දිය යුතුයි…’ මට බලයක් ලැබු ණොත් බුද්ධි නිලධාරීන්ට ආරක්‍ෂාව දෙනවා! මම ආරක්‍ෂක ලේකම්වරයා ලෙස එදා මුලින්ම කළේ බි‍්‍රගේඩියර් සුරේෂ් සලේව ඇමරිකාවට යවලා මේ ඉස්ලාම් අන්තවාදය පිළිබ`ද පුහුණුවක් ලබාදෙන එක. ආරෂක අමාත්‍යංශයේ මාධ්‍ය මධ්‍යස්ථානය අපි ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වන ස්ථානයක් බවට පත්කළා…..
තමිලිනීගේ හෘද සාක්ෂිය සෙවීම; හදවතේ කකියමින් තිබූ ගින්නක් යම් තරමින් හෝ පලවා හැරියෙමි….!
Apr 28 2019 00:00Hits 124
තමිලිනීගේ හෘද සාක්ෂිය සෙවීම; හදවතේ කකියමින් තිබූ ගින්නක් යම් තරමින් හෝ පලවා හැරියෙමි….! සිය ප‍්‍රාණ සම මිතුරියකවූ සාම්බවීගේ මරණය ගැන තමිලිණී විස්තර කරන අයුරු බලන්න… උණ්ඩයක් සාම්බාවිගේ පපුව සිදුරුකර ඇතුළුවී එළියට නොගොස් සිරවීඇත. ශීතල වීමට පටන්ගෙන තිබූ ඇයගේ සිරුරේ රැඳීතිබුණු ප‍්‍රාණ උණුසුම මම අවසන් වනතුරු මගේ දැස්වලින් විඳගත්තෙමි….
දෙන දෙයියෝ ගෙදරටම ගෙනැවිත් දුන්නත් කටට දාගන්න බැරි ගයිඞ් මල්ලී… – ජර්මන් අක්කා තාමත් මල්ලිටමයි හිත…
Apr 28 2019 00:00Hits 186
දෙන දෙයියෝ ගෙදරටම ගෙනැවිත් දුන්නත් කටට දාගන්න බැරි ගයිඞ් මල්ලී… – ජර්මන් අක්කා තාමත් මල්ලිටමයි හිත… මාත් එක්ක සෙට් වුණාට පස්සෙ සුදු අක්කටත් ජොයින්ට් ගැස්සුවා. ටික දවසක් යනකොට ගෑනිට ජොයින්ට් එක නැතිවම බැරි වුණා. සමහර දවස්වලට දෙන්නා එක්ක ජොයින්ට් බීබී කාමරයට වෙලා තුරුළු වෙලා හිටියා, එළියටවත් බැස්සෙ නෑ.
මට තරගයක් තිබුණේ නෑ… ගාමිණීගෙන් බැණුම් අහපු වාර අනන්තයි… අම්මා නිළියක් නිසා කුඩා කල සිටම චිත‍්‍රපට ලෝකයට පුරුදුව සිටියා!
Apr 28 2019 00:00Hits 95
මට තරගයක් තිබුණේ නෑ… ගාමිණීගෙන් බැණුම් අහපු වාර අනන්තයි… අම්මා නිළියක් නිසා කුඩා කල සිටම චිත‍්‍රපට ලෝකයට පුරුදුව සිටියා! ඔබේ හිතට ආදරය දැනුණ නළුවෝ හිටියේ නැතිද? එහෙම ලොකුවට තිබුණේ නැහැ. ඔය කියන විදිහට ඔබට නළුවොත් බයද? එහෙම දෙයක් තිබුණා. තවමත් ඒක තියෙනවා. නැත්තේ නැහැ. බයට වඩා පොඩි චකිතයක් තමයි තියෙන්නේ.
ආගම කියන්නේ පුද පූජා පැවත්වීම නොවෙයි
Apr 28 2019 00:00Hits 79
ආගම කියන්නේ පුද පූජා පැවත්වීම නොවෙයි ධර්මයෙන් කරුණු කියලා කෙනෙක් හික්මවන්න පුළුවන් නම් එහෙම කරනවා. බැරි නම් කරබාගෙන නිකම් ඉන්නවා. දේශපාලන වශයෙන් බුදුහාමුදුරුවන්වත් ශ‍්‍රාවකයන්වත් කිසිම පැත්තක් ගත්තේ නැහැ.’’ බොහොම මෑතක තමයි ලංකාවේ ඔය පැති අරගැනීම පටන්ගත්තේ.
එල්ලී මියගිය රමණී හාමු මහ රෑ වලව්වට ආ හැටි
Apr 28 2019 00:00Hits 86
එල්ලී මියගිය රමණී හාමු මහ රෑ වලව්වට ආ හැටි ඇත්තටම සිදුවූයේ කුමක්ද… ජූඞ් මහතා වත්තේ ඇවිදින අතරතුර කමලාගේ මල්ලී මෝටර් රථයේ ටයර් දෙකක හුළං ඇරියේය. ජූඞ් මහතාගේ රාත‍්‍රී ආහාරයේ ඌරු මස්වලට නිදි පෙති කළවං කොට දීම නිසා ජූඞ් මහතාට ඉතා තදින් නින්ද ගියේය….
මරණයේ ඉරිදාව…! – අන්ත වාදි බෝම්බය කටුවපිටිය ගම මළගමක් කළ හැටි
Apr 28 2019 00:00Hits 86
මරණයේ ඉරිදාව…! – අන්ත වාදි බෝම්බය කටුවපිටිය ගම මළගමක් කළ හැටි එදා පූජාවට වැඩියෙන්ම ඇවිත් හිටියේ කුඩා ළමුන් සහ වැඩිහිටියන්. ඒ් ගොඩක් දෙනෙක් මැරුණා. අපේ ගෙවල් කිට්ටුව එකම පවුලේ දරුවො තුන්දෙනයි අම්මයි හතරදෙනාම මැරිලා. චූටිම පුතාට වයස අවුරුදු දෙකයි. දෙවැනියට හතරයි. ලොකු දුවට හයයි.
රස පහසට ලොල්ව මග වැරදුනු සමනලී
Apr 28 2019 00:00Hits 113
රස පහසට ලොල්ව මග වැරදුනු සමනලී අන්තිමට රෝහලේ… තරමක් හොඳ වෙන කොට පැනලා පාරට ඇවිත් අත පාන්ට පටන් ගත්තා. දැන් මහත්තයා සල්ලි දුන්නෙත් ඒ ‘දඩබ්බර පාහර බැල්ලිට තමයි…’ ඇය විසින් ඇයටම අලූත් ‘නාමයක්’ දමාගෙන තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!