Gossip

කල්මුණේ ප්‍රහාරයත් IS බාරගනී..? IS සංවිධානයේ ප්‍රකාශය මෙන්න

කල්මුණේ ප්‍රදේශයේ දී පසුගිය සිකුරාදා (26) රාත්‍රී තම සංවිධානයේ සාමාජිකයින් විසින් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කළ බව අයි.එස්. සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

අමාක් පුවත් සේවය උපුටා ගනිමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ සිය සංගමයේ සාමාජිකයින් තිදෙනෙකු අදාළ ප්‍රහාරය සිදුකර ඇති බවයි.

බෝම්බ පුපුරුවා හැරීම්වලට පෙර පොලිස් නිලධාරීන් සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති බව අයි.එස්. සංවිධානය ඊයේ (27) දිනයේ මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා..

එහිදි පොලිස් නිලධාරින් 17 දෙනෙකු තුවාල ලබන්නට හෝ මියයන්ට ඇති බව එම සංවිධානය ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට අයි.එස්.සංවිධානයට හැකි වී නැත.

මෙම ප්‍රහාරයේ දී කිසිදු පොලිස් නිලධාරියෙකු හෝ ආරක්ෂක අංශ සාමාජිකයෙකු තුවාල ලබා නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

ඇතැම් පුද්ගලයින් අසත්‍යය ප්‍රකාශ සිදුකරමින් සිටින බව රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!