Gossip

මේ සතිය ඔබව හැඩ කරයිද? වැඩ කරයිද?

මේෂ ලග්නය

උසස් අයගේ උදව් ලැබීමට පුළුවන.

මිල මුදල් ලැබීම අතින් මෙම සතිය ඉතාමත් ශුභ වේ. සිත් තැවුල් හා මානසික ආතතිය වැඩිවිය හැක. මෙම සතියේ මුල භාගය තුළ උසස් අයගේ උදව් ලැබීමට පුළුවන. අවසාන දින කිහිපය තුළ පිය පාර්ශවයට ලෙඩදුක් කරදර බහුල විය හැක. ඉගෙනීම් කටයුතු සඳහා යම් යම් කරදර පැමිණිය හැක.
ශුභ දිනය     :- අඟහරුවාදා, සිකුරාදා
ශුභ වර්ණය    :- රතු පැහැය
ජය අංකය    :- 9, 6

වෘෂභ

අධ්‍යාපනය සඳහා මුදල් වැය

මෙම සතිය තුළ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මුදල් වැය කිරීමට සිදු වේ. අන් අය සමඟ මිත‍්‍රශීලි අයුරින් ගෙවන මෙම සතිය අනතුරු වලින් ප‍්‍රවේසම් විය යුතුය. රැකියා ස්ථානය වෙනුවෙන් විශේෂ කාලයක් යෙදවීමට සිදුවේ.
ශුභ දිනය     :- සිකුරාද
ශුභ වර්ණය    :- රෝස , කොළ පැහැය
ජය අංකය    :- 6, 5

මිථුන

ප‍්‍රසිද්ධියක් ලබාගත හැක.
ගේ දොර ඉඩකඩම් ලැබීමේ වාසනාව මෙම සතිය තුළ හිමිවේ. බුද්ධිය මෙහෙයවා, කරන කටයුතු වලින් ප‍්‍රසිද්ධියක් ලබාගත හැක. දරුවෙකුගේ අධ්‍යාපන කටයුත්තක් සම්බන්ධයෙන් ශුභ ආරංචියක් ලැබීමට පුළුවන. විවාහ වීමට බලාපොරොත්තු වී සිටින අයට මෙම සතිය තරමක් අපලය.
ශුභ දිනය     :- බදාදා
ශුභ වර්ණය    :- කොළ සහ කහ
ජය අංකය    :- 5, 3

කටක

මංගල යෝග උදාවේ
අන් අයගේ උදව් උපකාර ලැබේ. බලාපොරොත්තු වූ ණය  වාසනා ද ඇත. යන වාහන මිලදී ගැනීමේ හැකියාව ඇත. විවාහය බලාපොරොත්තුවෙන් සිටින අයට මංගල යෝග උදාවේ. රැකියා ස්ථානයේදී  අනතුරු සිදුවිය හැකි බැවින් තරමක් ප‍්‍රවේසම්කාරී විය යුතුය.

ශුභ දිනය     :- බදාදා, සිකුරාදා
ශුභ වර්ණය    :- සුදු ,සහ කී‍්‍රම් පැහැය
ජය අංකය    :- 2, 5, 9

සිංහ

උසස් තනතුරු ලැබීමේ වාසනාව

උපන් කුසලතාවයන් තුළින් ප‍්‍රසිද්ධියට පත් වීමක් හා ඥාතීන්ගේ සහයෝගයන් ලැබීමේ වාසනාව ඇත. විවාහ ජීවිතය පිළිබඳ බුද්ධිමත් අදහසක් පහල වේ. රැකියා ස්ථානයේ සිදු කරන විශේෂ කටයුත්තක් තුළින් ප‍්‍රසිද්ධියක් ලැබීමේ හා උසස් තනතුරු ලැබීමේ භාග්‍යය ද ඇත. සිංහ ලග්න හිමියන්ට මෙම සතිය තුළ විදේශගත වීමට අවස්ථාව උදාවේ.
ශුභ දිනය     :- ඉරිදා, අඟහරුවාදා
ශුභ වර්ණය    :- රතු හා තැඹිලි
ජය අංකය    :-  1, 9

කන්‍යා

රැකියා ස්ථානයෙන් විශේෂ වරප‍්‍රසාද

උද්යෝග තුළින් ආරම්භ වන මෙම සතිය මිල මුදල්, ඉඩකඩම් ලැබීමට පුළුවන. රිය පැදවීමේදී ප‍්‍රවේසම් විය යුතු සතියක් වේ. රැකියාව තුළින් විශේෂ වරප‍්‍රසාද හා වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකිය. සහෝදර සහොදරියන්ගේ හා ඥාතිමිත‍්‍ර ආදින්ගේ ඵල ප‍්‍රායෝජන අඩු වන සතියකි.
ශුභ දිනය     :- බදාදා , සිකුරාදා
ශුභ වර්ණය    :- කොළ සහ කහ
ජය අංකය    :- 2,6

තුලා        අධ්‍යාපනය සඳහා සිත යොමු වේ.

මෙම සතිය පුරා විනොදයෙන් හා සතුටින් කාලය ගත කරන අතර ඒ සඳහා මුදල් වියදම් කරයි. ස්තී‍්‍ර පාර්ශවය සඳහා විශේෂ මංගල යෝග උදා වේ. විවිධ ගුප්ත ශාස්ත්‍ර ඉගෙනීමට රුචියක් දක්වන අතර එයින් සමාජය අතර කථා බහට ලක් වෙන පුද්ගලයෙක් බවට පත් වේ.

ශුභ දිනය    :-    ඉරිදා, සඳුදා
ශුභ අංකය    :-    1,  7
ජය අංකය    :-    තැඹිලි හා සුදු

වෘශ්චික

විදේශ ගමන් සඳහා අවස්ථා
සතිය ආරම්භයත් සමඟ අමතර ආදායම් මාර්ග ඇති විය හැකිය. ඥාතීන් සමඟ පෙර පැවති සම්බන්ධතාවය අඩු වේ. විදේශ ගමනක් පිළිබඳ විශේෂ ශුභ ආරංචියක් ලැබේ. මංගල යෝග උදාවන සතියක් වන අතර ඒ සඳහා ඥාතී හා හිතවතතුගේ සහයෝගය ද ලැබීමට පුළුවන.

ශුභ දිනය    :-    ඉරිදා, අඟහරුවාදා
ශුභ අංකය    :-     3,  9
ජය අංකය    :-    රතු, කහ, තැඹිලි

ධනු

ව්‍යාපාර වලින් වැඩි ලාභ

ජිවිතයේ මුලික බලාපොරොත්තු කිහිපයක් මෙම සතිය තුළ සාර්ථක කර ගැනීමට හැකිය. යාන වාහන ලාභ සිතේ සතුට සමාජ සැලකිල්ල ලැබේ. මව් පාර්ශවයෙන් විශේෂ මුදල් ත්‍යාගයන් හිමි විය හැකි අතර ව්‍යාපාර කේෂ්ත‍්‍රයේ නියැලෙන්නන්ට වැඩි ලාභාංශ ලබා ගැනීමේ අවස්ථාවක් ද ඇත. රැකියා ස්ථානය තුළින් පෙම් සම්බන්ධතා ඇති වීමට ද පුළුවන.

ශුභ දිනය    :-    බ‍්‍රහස්පතින්දා
ශුභ අංකය    :-    1,  6
ජය අංකය    :-    තැඹිලි , හා ලා නිල්

මකර

ආදායමට වඩා වියදම් වැඩි වේ

ජිවන  උපාය මාර්ගයන් හි වෙනසක් ඇති විය හැක. එහෙත් එම ස්ථානයන්හි වගකීව යුත්තන්ගේ ප‍්‍රසාදය හීන වේ. ආදායමට වඩා වියදම වැඩිවේ. පෙම් සබඳතා නිසා ගැටුම් ඇති වීමට ඉඩ ඇත. තම ගෞරවය රැක ගැනීම සඳහා වෙහෙසේ. හදිසියේ කෝපාවිශ්ව වන අවස්ථා ද මතුවිය හැක.

ශුභ දිනය    :-    අඟහරුවාදා, සෙනසුරාදා
ශුභ අංකය    :-     9,6
ජය අංකය    :-    රතු, නිල්

කුම්භ

විවාහ සම්බන්ධයෙන් ගැටළු

සිතුවිලි පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා නිවස තුළ ගැටුම්කාරි තත්ත්වයක් ඇති විය හැක. රැකි රක්‍ෂා හා ව්‍යාපාර ආදියෙහි හිතවතුන්ගෙන් උදව් අඩු විය හැකි අතර පැවති පි‍්‍රය මනාපභාවය අඩු වීමට ද ඉඩ තිබේ. විවාහ ජිවිතයට ද බාධා පැමිණිය හැකි අතර පෙම් සබඳතා දෙදරා යාමට ද පුළුවන. සෞඛ්‍ය තත්වයට හානියක් පැමිණිය හැක.
ශුභ දිනය    :-    සිකුරාදා
ශුභ අංකය    :-     2,7
ජය අංකය    :-    රතු, කහ

මීන

සෞඛ්‍ය තත්වය අයහපත් වේ

තම සහොදර සහොදරියන්ගෙන් විශේෂ උපකාර බලාපොරොත්තු විය හැක. තමන් සතු වගකීම් හරි හැටි ඉටු කිරීමට උත්සහා ගැනීම හේතුවෙන් මෙම සතිය සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට පත් විය හැක. අධ්‍යාපන කටයුතු වලින් හා තරඟ විභාග වලින් ජය ලැබීමට වාසනාව ඇත. සොර සතුරන්ගෙන් පාඩු විඳීමට සිදු වේ.
ශුභ දිනය    :-    බ‍්‍රහස්පතින්දා, ඉරිදා
ශුභ අංකය    :-     1, 4, 9
ජය අංකය    :-    කහ, රෝස, තැඹිලි

මේ සතිය ඔබව හැඩ කරයිද? වැඩ කරයිද?
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
error: Content is protected !!