Gossip

මේ වෙන රටක නෙවෙයි අපේ රටේම සුරූපිනියක් තමයි – අවුරුදු 17 දි ඇතිවුණු කැමැත්ත නිසා ප්‍රවීනා අද ඉන්න තැන – Photos

පාපන්දු ක්‍රීඩාව ගැන මේ වෙද්දි මුළු ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
රුසියාවේදී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය දවසින් දවස උණුසුම් වෙමින් තිබෙනවා.
අපේ රටේ පාපන්දු ක්‍රීඩාව ඒ තරමටම ප්‍රචලිත නැතිවුණත් මේ කියන්න යන්නේ අපේ රටේ ජාතික කණ්ඩායම නියෝජනය කරන සුරූපී තරුණියක් ගැනයි.
ඇය තමයි ප්‍රවීනා මල්කි පෙරේරා.
ශ්‍රී ලංකාවේ මේවන විට සිටින ජනප්‍රිය හා දක්ෂ පාපන්දු ක්‍රීඩිකාව තමයි ඇය.
විසි දෙවන වයසේ පසුවන ප්‍රවීනා ශ්‍රී ලංකා කාන්තා පාපන්දු පිල නියෝජනය කිරීමට අවස්ථාව හිමිකරගත්තේ 17 වෙනි වියේදීය.
ඇය තමයි වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩිකාව වන්නේ.
ජීවිතේ විවිධ අභියෝග ජයගත්තු ප්‍රවීනා මේ වෙද්දි ශ්‍රී ලංකාවේ ඉන්න දක්ෂතම පාපන්දු ක්‍රීඩිකාවක් වගේම නිරූපණ ශිල්පිණියක්ද ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා.
ඇය සිය ජීවිතයේ අභියෝග ජයගෙන පාපන්දු ක්‍රීඩාවේ ඉදිරියට පැමිණි හැටි ගැන මේ විදිහට කියලා තිබුණා.
“මම පාසලේ 6 වසරේ ඉන්නකොට දැක්කා කට්ටිය බෝලෙකට පයින් ගහගහා දුවනවා. මටත් ආස හිතුනා මොකක්ද මේ කියල බලන්න. එහෙමයි මම මේ ක්‍රීඩාවට යොමුවුණේ,”
“ගොඩක් දෙමව්පියෝ පාපන්දු වගේ දේකට ගැහැණු ළමයි කොහොමත් යොමුකරනවා අඩුයි, මගේ අම්ම වුනත් ගොඩක් අකමැතිවුණා මොකද, හැමෝම හිතන්නේ පිරිමි වගේ නෙවෙයි ගැහැණු ළමයි ගෙදරටම වෙලා හැදෙන්න ඕනේ කියලා. ඒ වගේ තත්ත්වයක්නේ ලංකාවේ තියෙන්නේ, අපි එතැනින් එහාට යන්න ඕනේ,”
“ගොඩක් දක්ෂ ගැහැණු ළමයි, හැංගිලා ඉන්නවා එන්න බයට. පාපන්දුවලට ලංකාවේ ගොඩක් ක්‍රීඩිකාවෝ අඩුයි
” මමත් පාපන්දු ක්‍රිඩාව ටික කාලයක් ගහලා ආයෙත් නැවැත්තුවා, හරි අමාරුයි. බොලේ වදිනවා, රිදෙනවා, ඊට පස්සේ පුහුණුකරු ගෙදර ඇවිල්ල බැනල මාව ආයෙත් ක්‍රීඩාවට යොමුකළා,”
“ගැහැණු ළමයින්ට හැමදේම පුළුවන්, දරාගැනීම වගේ හැමදේම පුළුවන් නේ. ඉතින් ක්‍රීඩාවත් එහෙමයි”
“ක්‍රීඩාවක් කළා කියලා අව්වේ හිටියා කියල ඒ දේවල් මගහැරෙන්නේ නැහැ මම නිරූපණ ක්ෂේත්‍රයට ගොඩක් ආසයි, ඉතින් මේකත් එක්ක, ඒකත් කරන්න මම අඩිය තියලා බැලුවා. පුළුවන් විදිහට හොඳ දේවල් හම්බවුනාම කරනවාමම දෙමාපියන්ගේ ඉල්ලන්නේ ඔයාලගේ දියණියන් ක්‍රීඩාවට යොමුකරන්න. ඒක කවදාවත් අහක යන්නේ නැහැ. නිරෝගී කමටත් එය බලපානවා”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!