Health & Beauty

මේ විදිහට කෑම පාලනය කළොත් දවස් හතෙන් ඔබටත් පුළුවන් කිලෝ 5 ක් බර අඩුකරගන්න – කියවලම බලන්නකෝ

ශරීරය මහත් වීම නැතිනම් ශරිරයේ මේදය තැන්පත් වීම නිසා අධික ලෙස බර වැඩි වීම අද සමාජයේ බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක්.
දිනය පුරා මුදල් හරි හම්බ කරන්න මහන්සි වෙලා ගෙදර ඇවිත් ජිම් එකකට යන්න හෝ ගෙදර සිට ව්‍යායාම් කරන්න ඔබට වෙලාවක් නැතුව ඇති.
දිනෙන් දින ශරිරය මහත් වීමේ ප්‍රශ්නය උග්‍ර වෙනවා මිසක් උත්තරයක් නෑ නේද ?
බය වෙන්න එපා අපි ඔබට කියල දෙන්න යන්නේ ලෝකයේ අති විශාල මිනිසුන් ප්‍රමාණයක් සාර්ථක ලෙස ශරිර බර සතියක් වැනි ඉතාමත්ම කෙටි කාලයක් තුල අඩු කර ගත්තු ආහාර පාලන වැඩසටහනක්.
දවස් 7 ක් පුරා අපි අද කියල දෙන විදියට ඔබ ආහාර පාලනය කලොත් අනිවාර්යයෙන්ම ඔබේ ශරීර බර කිලෝ 5ක් අඩු කර දෙන්න අපි පොරොන්දු වෙනවා.
මේ ආහාර පාලන වැඩසටහන නැත්තම් අපි ඉංග්‍රීසියෙන් කියන Diet Programme එක සකස් කරලා තියෙන්නේ General Motors නැමති ඇමරිකාවේ රථ වාහන නිෂ්පාදනය කරන සමාගමක සේවක පිරිසක් විසින්.
ඒ නිසා මේ General motors එක ලොව පුරා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ General Motor Diet යන නමින්.
මේ ආහාර පාලන වැඩසටහන නිවැරදිව අනුගමනය කල බොහෝ දෙනෙකුට තම ශරීර බර අති සාර්ථක අයුරින් කිලෝ 5කින් පමන අඩු කර ගන්නට හැකියාව ලැබී තියෙනවා.
හරි වැඩි කතා බහකින් තොරව දැන් අපි ඔබ නොඉවසිල්ලෙන් බලාසිටින ඒ ආහාර පාලන වැඩසටහන ගැන කියලා දෙන්නයි යන්නේ. මේක හරිම පහසුයි. දවස් හතක් අපි කියන පිළිවෙළට කෑම ගන්න. එච්චරයි. විශේෂ ව්‍යායාම, ඖෂධ, මේදය අඩු කරන බීම වර්ග ඕනෙ වෙන්නෙ නෑ. හැබැයි අවංක වෙන්න ඕනෙ. වැඩේට කලින් බර මැන ගන්න. ඉනේ වටප්‍රමාණය හරියට මැන ගන්න. හොඳයි එහෙනම් පටන්ගමු.
මේ සතිය තුල තමාගෙ පුරුදු ආහාර රටාව සම්පූර්ණයෙන් අමතක කරන්න ඕනෙ. කියල තියෙන කෑම වලට අමතරව එක ටොපියක්, ප්ලේන්ටියක් අඩුම ගානෙ රටකජු ඇටයක්වත් කන්න බෑ. සතියේ සෑම දවසකම වතුර වීදුරු 10 බැගින් බොන්න ඕනෙ. (ඊට වැඩි වුනත් කිසි වරදක් නෑ. හැබැයි අඩු වෙන්න නම් බෑ)

උදේට දවල්ට හවසට කිරි, ප්ලේන්ටි පලතුරු යුෂ බීම හෝ වෙන කිසිම බීමක් බැ, නියමිත දේවල් වලට අමතරව.
පළවෙනි දවස – පලතුරු (කෙසෙල් තහනම්)
මුලු දවසටම කන්න පුලුවන් පලතුරු විතරමයි හැබැයි කෙසෙල් තහනම්. කොමඩු වැඩි පුර කනවා නම් ගොඩක් හොඳයි. තමන්ට කැමති තරමක් කන්න පුලුවන්. ප්‍රධාන වේලවල් 3 අතරට වුනත් කන්න පුලුවන්. සැලඩ් එකක් හදා ගත්තත් කමක් නෑ. හැබෑ සීනි රස කාරක මුකුත් දාන්න බෑ. අනිවාර්යයෙන් වතුර වීදුරු 10ක් බොන්න ඕනෙ. වෙන කිසිම බීමක් බොන්න බෑ අඩුම ගානෙ පලතුරු යුෂ එකක්වත්. මේ ටික ඇරෙන්න වෙන කිසිම දෙයක් ඕනෙ නෑ. ව්‍යායාම කලත් අවුලක් නොකලත් වරදක් නෑ.

දෙවෙනි දවස – එළවළු (අල, බතල, බීට් රූට් තහනම්)
මුලු දවසටම කන්න පුලුවන් එළවළු විතරමයි හැබැයි අල,බතල , බීට් රූට් තහනම්. හැබැයි ඔන්න ඕනෙම නම් උදේට එකම එක ලොකු අලගෙඩියක් කෑමට එකතු කර ගත්තට කමක් නෑ. එළවළු තම්බල හරි සුප් එකක් හදල හරි ගත්තට වරදක් නෑ. කලින් කිව්ව වගේ වතුර වීදුරු 10යි.

තුන්වෙනි දවස – පලතුරු සහ එළවළු (කෙසෙල්, අල, බතල, බීට් තහනම්)
ඔන්න මේ දවසෙ පලතුරු එළවළු ඕනෙ තරම් කන්න පුලුවන්. හැබැයි කෙසෙල්, අල, බතල, බීට් තහනම්. වතුර වීදුරු 10 අනිවාර්යයි.

හතරවෙනි දවස – කෙසෙල් හා කිරි
මේ දවසේ උදේට කිරි වීදුරුවයි කෙසෙල් 2යි (ඕනෑම කෙසෙල් වර්ගයක්) , දවල්ටත් කිරි වීදුරුවයි කෙසෙල් 2යි, රෑටත් කිරි වීදුරුවයි කෙසෙල් 2යි. කෑම වේලවල් අතර ඕනැම නම් කෙසෙල් ගෙඩිය ගානෙ කෑවට කමක් නෑ. එතකොට දවසටම උපරිම කෙසෙල් ගෙඩි 8ක් පුලුවන්. වතුර වීදුරු 10 අනිවාර්යයි.

පස්වෙනි දවස – මස්, මාලු හෝ සෝයා මිට් සමග තක්කාලි
දවසටම පුලුවන් මස් හෝ මාලු විතරයි. ( මුල් ලිපියේ ඉැැෙ ලෙස සඳහන් වුනත් තෙල් අඩු කුකුල් මස් වැනි දෙයක් වඩාත් සුදුසුයි) කැමති මාලු වර්ගයක් පුලුවන්. මස් මාලු නොකන අයට සෝයා මීට් සුදුසුයි. තමන් කැමති විදිහකට සකසා ගන්න පුලුවන්. හැබැයි අනිවාර්යයෙන් දවස තුල තක්කාලි ගෙඩි 5ක් කෑමට ගත යුතුමයි. වතුර වීදුරු 10ක් අනිවාර්යයි. මේ වන විට ඔබේ සිරුරේ මේදය බිඳ වටී ඇත ඒව ඉවත් වීමට නියමිත ප්‍රමාණයට වඩා වතුර බොන්න පුලුවන් නම් හොඳයි.

හයවෙනි දවස – එළවළු හා මස්
මේ දවසේදී කෑමට එළවළු හා මස් යොදා ගන්න පුලුවන්. වතුර වීදුරු 10 අනිවාර්යයි.

හත්වෙනි දවස – රතු(නිවුඩු) බත්, එළවළු හා පලතුරු
ඔන්න අද තමයි දවස් හයකට පස්සෙ ඔබ බත් කෑමට ගන්නෙ. ඔබ වෙනදා කෑමට ගන්නා සාමාන්‍ය කෑම වේලවල් 3ක් ගන්න පුලුවන්.හැබැයි ගන්න පුලුවන් නිවුඩු හාල් බත්, එළවළු හා පලතුරු පමණයි. වතුර වීදුරු 10 අනිවාර්යයි.

මේ සතිය ඇතුලත ව්‍යායාම අවශ්‍ය නෑ කිව්වත් කරන්න පුලුවන් ලැඛෙන ප්‍රතිඵලයක් ඒකෙන් වඩාත් හොඳ එකක් වේවි.

ඔන්න අපේ වැඩසටහන අවසානයි. දැන් බර කිරල බලන්න. අඩුම කිලෝ 5ක් වත් අඩු වෙනවා කියන එක සහතික වෙන්න පුලුවන්.

මේ සතිය තුල ලොකු බත් එකක් කෑමේ අවශ්‍යතාව කියන එක නැති වෙනවා. ඒ පුරුද්ද දිගටම තියා ගන්න. අනෙක දවසට වතුර වීදුරු 10ක් බොන එක. කැමති අය මේ දින හතේ වැඩසටහන මාසෙකට දෙකකට වරක් වත් කලාට වරදක් නෑ. හොදටම තේරෙයි කොච්ච්ර ව්‍යායාම කලත් නොසෙල්වී තිබුන තෙල් තට්ටු (ටයර් කියලත් කියනවනෙ) ටිකෙන් ටික ඉවත් වෙන හැටි.
මේ ක්‍රමයෙන් අඩු වෙන බර නැවතත් වැඩි නොවෙන්න තමන්ගෙ ආහාර පුරුදු වෙනස් කර ගන්න. කලින් ලිපි තුනේ සඳහන් කල දේවල් මතකයේ තියා ගන්න. රූපවාහිනියේ, පත්තරවල, මග තොටේදි තෙල් බේරෙන රස වෑහෙන පාට පාට කෑම දකිනකොට, අපි දන්න කියන ප්‍රසිද්ධ පුද්ගලයො නළු නිළියන් උජාරුවට බීම වර්ග කෑම කන දැන්වීම් දකිනකොට අපි නම් අහුවෙයි කියල හිතන්න පුරුදු වෙන්න.
අත්හදා බලන අය තමන්ගෙ සාර්ථකත්වය එහෙම නැත්නම් අඩු කර ගත්ත බර ප්‍රමාණය සඳහන් කරනවා නම් මේ ක්‍රමය භාවිතා කරන්න බලාපොරොත්තු වෙන අයට හොඳ තල්ලුවක් වේවි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!