Gossip

“මේ අපායට කිසිම කෙනෙක් වැටෙන්න එපා..බීපු මිනිස්සු එනවා..ලස්සන පවුල් ජිවිත ගෙනියන මිනිස්සු එනවා.. ඇත්තටම මේ සමාජය කොයි තරම්නම් පිරිහිලාද..?”

ජීවිතේ සමහර තැන් තියෙනවා වැරදුනොත් ආයෙමත් කවදාවත් ඒ වරද නිවැරදි කරගන්න බැරි..
ඒ නිසා අපි කරන කියන දේවල් දෙපාරක් නෙවෙයි දහස් වාරයක් කල්පනා කරලා හිතලා කරන්න පුරුදු වෙන්න ඕනේ.
මොකද වැරදි කරල පසුතැවෙනවට වඩා වැරදි නොකර එන්න එක ඇගට ගුණ නිසා.
ඒ විදිහට ආදරේ නිසා ජීවිතේ විනාශ වුණු තරුණියක් මේ විදිහට අපිට හෙළි කළා.

ඔබේ නම..
මම නම සහ ගම නොකියා ඉන්නම්. මොකද මට තවත් මේ සමාජයේ මිනිස්සු ඉස්සරහ විහිළුවක් වෙන්න බැරි නිසා.

හරි ඔබ ඇග විකුණලා සල්ලි හොයන ගෑණියක් කියන තැනට වැටුණු කෙනෙක් නේද..?
ඔව් ඒ කතාව ඇත්ත. මම ඇග විකුණලා සල්ලි හොයන ගෑණියෙක්. හැබැයි ඒ කතාව පිටිපස්සේ තියෙන කතාව කවුරුත් දන්නේ නෑ.

ඒ කතාව ඔබ කියන්න කැමතිද..? මොකද මේ කතාව ඇහුවොත් අපේ රටේ එක තරුණියක් හරි ජීවිතේ වරද්දගන්නේ නැතිව ඉදියි නේද..?
ඔව්… මේ අපායට කිසිම කෙනෙක් වැටෙන්න එපා කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ.
මමත් ලස්සනට ජීවත් වුණු කෙනෙක්.. මම උසස් පෙළ පාස්.. ඩිප්ලෝමා එකකුත් තියෙනවා මට.. මම උසස් පෙල ලියලා ප්‍රතිඵල එනකං ටික කාලයක් ගාමන්ට් ගියා.. එතනදි මම කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තා. ඇත්තටම මම ගෙදර හැදුනු වැඩුණු කෙනෙක්.
මගේ අම්මා තාත්තා කාටවත් කරදරයක් නැතිව අහිංසක විදිහට ගමේ ජීවත්වුණා.
ඇත්තම කිව්වොත් මට මිනිස්සු ගැන ලොකු අත්දැකීමක් නෑ.
කෙලින්ම කිව්වොත් මම ඒ නිසාම මේ ආදරේට රැවටුණා.
මම මගේ ජීවිතේම එයා වෙනුවෙන් පූජා කළා.
මට දරුවෙක් ලැබෙන්න ආවා.. මම මේක ගැන ගෙදරට කිව්වා.. අම්මා මේ ගැනම කල්පනා කරලා අසනීප වුණා. අම්මා නැතිවුණා.. තාත්තාට අංශභාගේ හැදිලා.. අනේ දෙයියනේ මම නිසා නේද මේ කියලා හිතෙනවා.
අන්තිමට මම ආදරේ කරපු කෙනත් මාව දාලා ගියා.. මම දරුවා එක්ක තනිවුණා.
තාත්තට බෙහෙත් වලට මාසෙට රුපියල් 35000 ක් විතර යනවා. මගේ දරුවටත් ලොකු වියදමක් යනවා..
මම ගාමන්ට් ගිහින් හම්බකරන රුපියල් 25000 මේ ඔක්කොම කොහොමද කරන්නේ මම..
අසරණ වුණා ගොඩක්. වෙන කරන්න දෙයක් මට තිබුණේ නෑ.
මිනිස්සු කිියනවා ලේසිම රස්සාව කියලා තෝරගන්නවා කියලා. හරි අද මනුස්සයෙක්ගෙන් රුපියල් 1000 ක් ඉල්ලගන්න පුළුවන්ද.? ඔයාම හිතලා බලන්න ඔයාට හදිස්සියකට රුපියල් 5000 ක් ඉල්ලගන්න වුණොත් කී දෙනෙකුගෙන් අහන්න ඕනද..? තිබුණත් දෙනවද..? අගහිගකම් එද්දි තාත්තට බෙහෙත් ගන්න බැරි වෙද්දි දරුවට වියදම් කරන්න නැති වෙද්දි මම මොනවා කියලා කරන්නද..?
අන්තිමට මම මේ කරුම රස්සාවට පුරුදු වුණා.. බීපු මිනිස්සු එනවා.. ලස්සන පවුල් ජිවිත ගෙනියන මිනිස්සු එනවා.. ඇත්තටම මේ සමාජය කොයි තරම්නම් පිරිහිලාද..? අද මනුස්සයෙක්ව විශ්වාස කරන්න පුළුවන්ද.? බැදපු කී දෙනෙක් එනවද..? ඇත්තමයි මම මගේ තාත්තා දරුවා නැතිවුණානම් මම මහණ වෙනවා.. මේ ජීවිතේ ඇත්ත තේරුම්ගන්න පුළුවන් තැන එතනයි..
මීට වඩා මට කතා කරන්න දෙයක් නෑ.. මේ ටික ඇත්තටම කියන්න හරි ලැබුණු එක හිතට සැනසීමක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!