Gossip

‘‘මේක මගේ 10 වැනි පහරදීම. 09කින්ම මම දිනුවා.පුළුවන් දෙයක් කරලා පෙන්වනවා.’’ – පීටී සර් 11 වසරේ සිසුවාට කණ පැලෙන්න ගහලා

‘‘ශාරීරික ව්‍යායාම ගුරුවරයා 11 වසරේ පුතාට කණ පැලෙන්න ගහලා. මේක මගේ 10 වැනි පහරදීම. 09කින්ම මම දිනුවා.පුළුවන් දෙයක් කරලා පෙන්වනවා…’’ කියා පහර දුන් ගුරුවරයා මට කිවුවා යැයි දරුවාගේ පියා පවසනවා.
තණමල්විල ජාතික පාසලේ 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම විද්‍යාලයේම ශාරීරික ව්‍යායාම බාරව කටයුතු කරන ගුරුවරයා විසින් සිදු කළ පහරදීමක් හේතුවෙන් අසාධ්‍ය වූ සිසුවා ප‍්‍රථිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කිරීමට සිදු වූ බව සිසුවාගේ පියා වන රසික චන්දන මහතා පැවසීය.
පසුගිය දා තණමල්විල ජාතික පාසලේ 10 ශ්‍රේණියේ සිසුන් අතර ගැටුමක් ඇති වී තිබේ.මේ සම්බන්ධයෙන් වූ සොයා බැලීම් සිදුකළ අදාළ පහරදීම සිදුකළ බව කියන ගුරුවරයා මෙම ගැටුමට කිසිඳු සම්බන්ධයක් නොමැති 11 වසරේ ඉගෙනුම ලබන ලූ‍ණුගම්වෙහෙරේ පදිංචි එච්.ඩබ්ලිව්.නිරාෂ රසාංජන ශිෂ්‍යාට වැරෙන් වම් කණට පහර දී තිබේ.එහිදී අවට සිටි සිසුන් ‘‘සර් නිරාෂ් මේකට සම්බන්ධයක් නෑ’’යැයි පැවසුවද ගුරුවරයා එය කිසිදු තැකීමකට නොගෙන සිසුවාට පහර දී තිබේ.
පහරකෑම හේතුවෙන් දරුවාගේ වම් කනෙහි ඇතිවූ සංකූලතා හේතුවෙන් දරුවා ප‍්‍රථිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.පහර කෑමට ලක් වූ සිසුවා දින කිහිපයක් රෝහලේ නේවාසිකව ප‍්‍රථිකාර ලැබීමෙන් පසු පසුගිය 19 වන දින නිවසට පැමිණ තිබේ.එහිදී පහරකෑමට ලක් වූ සිසුවාගේ වෛද්‍ය වාර්තාවලට අනුව ගුරුවරයාගේ පහරදීමෙන් තුවාල වී ඇති කණ වතුර හා දුවිලේලෙන් පරිස්සම්කළ යුතු බවත්,මේ සඳහා නැවත දින කිහිපයකින් රෝහලට පැමිණ පරීක්ෂණයක් සිදුකරගත යුතු බවත් වෛද්‍යවරුන් දන්වා තිබේ.
පහරකෑමට ලක් වූ සිසුවාගේ පියා පහරදීම සිදුකළ බව කියන ගුරුවරයාගෙන් මේ පිළිබදව සිදුකළ විමසීමේදී ”මෙය තමාගේ 10 වෙනි පහරදීම බවත්,මෙය මට විරුද්ධව ලියවෙන 10 වන පොලිස් පැමිණිල්ල බවත්,පසුගිය පැමිණිලි නවයෙන්ම තමන් බේරුණු බවත් තමන්ලාටත් පුළුවන් දෙයක් කරලා පෙන්වන’’ ලෙස පැවසූ බවයි සිසුවාගේ පියා පැවසුවේ.
දරුවන් වැරදි කරනවා නම් ගුරුවරු හැටියට දඩුවම් කළ යුතුයි.ඒකට අපි විරුද්ධ නෑ.ඒත් දරුවෙකු වරදක් කළා කියා කණ පැලෙන්න ගහන්න ගුරුවරුන්ට හැකියාවක් නෑ.ඒ නිසා මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස වගකිවයුතු පාර්ශවවලින් ඉල්ලනවා යැයි සිසුවාගේ පියා වන රසික චන්දන මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් අප තණමල්විල ජාතික පාසලේ විදුහල්පති එස්.එල්.ඒ.සිරිරත්න මහතාගෙන්ද විමසීමක් කළ අතර එහිදී ඔහු මෙසේ පැවසීය.
‘‘අපි දරුවන්ට ආදරෙයි.ගුරුවරු දරුවන්ට දඩුවම් කරන්නේ වැරැුද්දකටයි.ගුරුවරයෙකු විසින් කරනු ලබන දඩුවම දරුවාට අනාගතයේදී ලොකු වටිනාකමක් වෙනවා.පාසලේ සිසුන් අතර ඇති වූ ගැටුමකට මේ දරුවා මුල්වෙලා තියෙනවා.ඒ නිසා අදාල ගුරුවරයා දරුවාට දඩුවම් කරලා තියෙනවා.හැබැයි ගුරුවරයා දරුවට කණපැලෙන්න ගැහුවද කියා මම දන්නේ නෑ.ඒ නිසා මේ ගැන පොලිසිය,කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය පරීක්ෂණයක් පවත්වනවා.විදුහල්පතිවරයා ලෙස මම දෙමාපියන් ගෙන්වා කරුණු පැහැදිලි කර දුන්නා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!