Gossip

“එයාව දැකපු වෙලේ මට කඳුළු ආවත් මම එයාට පෙන්නුවේ නෑ.. කාගෙවත් ඉල්ලීමක් කල්දාන්න මගඅරින්න එපා.” – ශනුද්‍රි ප්‍රියසාද් තැබූ සංවේදී සටහන – Photos

නව පරපුරේ රංගන ශිල්පිනියන් අතර ඉහලින්ම සිටින කෙනෙක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ.
ඇයගේ රසිකාවියක් වන පුංචි දැරියක් මියගිය පුවතක් ගැන ඇය සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.

එම සටහන පහතින්..

මේ photo එක ගත්තේ අගෝස්තු 11 මේ නංගිව බලන්න මම වාද්දුවට ගිය වෙලේ. කලින් දවසේ එයාගේ අම්මා මට කතා කරලා කිව්වා නංගිට පිලිකාවක්, එයාගේ ආසාව මාව බලන්න කියලා.
ඉතින් මම ගියා. එයාව දැකපු වෙලේ මට කදුලු ආවත් මම එයාට පෙන්නුවේ නෑ.. දවස් ගානකින් හිනා වුණේ නැති නංගි මම ආපු නිසා එදා හොදට නැගිටලා හිනාවුනා.
එයාට කතා කරන්න පුලුවන් ඒත් කතා කරොත් සෙම ඇවිස්සෙන නිසා කතා කරන්න අමාරුයි.
මට hope එකක් තිබුනා එයා හිමීට සනීපවෙයි කියලා. ඒත් අද උදෙන්ම නංගිගේ අම්මා කතා කරලා කිව්වා නංගි නැති වුනා, අවසන් කටයුතු අද කියලා.
මේ photo එක මම upload කරන්න හිතාගෙන ගත්තු එකක් නෙමෙයි එයාව මතක් වෙන්නයි ගත්තේ. ඒත් දැන් එයා මේ ලෝකේ නැති නිසා මේක ඔයාලට කියන්න හිතුනා.
කාගෙවත් ඉල්ලීමක් කල් දාන්න, මග අරින්න එපා. අපිට ඒක තවත් එක දෙයක් විතරක් වුණාට, අනිත් කෙනාට ඒ දේ මුලු ජීවිතේම වෙන්න පුලුවන්. අපට කිසි හානියක් නැති, තව කෙනෙක් සතුටු වෙන මොනමහරි දෙයක් තියෙනවා නම් ඒ දේ පුලුවන් ඉක්මනට කරන්න.
ආයෙත් ඉපදෙන කිසිම ආත්මෙක මෙවන් රෝගයක් මේ නංගිට වගේම වෙන කාටවත්ම හැදෙන්න එපා කියලා මම යාච්ඤා කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!