Gossip News

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 120 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 120ක් දක්වා ඉහළ ගොස් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මේ අතර ඊයේ(29) දිනයේදී රෝහලෙන් පිටව ගිය ආසාදිතයන් දෙදෙනාත් සමඟින් ආසාදිතයන් 11 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා සිටිනවා.

ඒ අනුව රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 108 ක්.

ඊයේ වන විට සැක මත වෛද්‍ය අධීක්ෂණය යටතේ 199 දෙනකු රෝහල්ගතව සිටි නමුත් ඉන් අසූ දෙදෙනකු අද දින පිටව ගියේය.

ඒ අනුව තවදුරටත් කොරෝනා ආසාදනය වී ඇත්දැයි සැකමත රෝහල්ගතව සිටින පුද්ගලයන් ගණන 117 ක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!