Gossip

“මෙතෙක් කිසිම දවසක හමුවෙලා නෑ.” – අර්ජුනට, අර්ජුනව කතරගමදී හමුවෙයි.. – Photos

ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කිරුළ දිනූ 1996 මාර්තු 17 වැනිදා උපන් අර්ජුන හස්තිරාජයා ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග හමුවීමේ අසිරිමත් සිදු වීමක් කතරගම පුදබිමේදී සිදු වුණා.

ලෝක කුසලානය දිනීම සඳහා නායකත්වය දුන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට ගෞරවයක් ලෙස අර්ජුන හස්තිරාජයාට එම නම තබා තිබෙනවා.

අර්ජුන හස්තිරාජයාත් අර්ජුන රණතුංගත් මෙතෙක් කිසිම දවසක හමු වී නැත.

පළමු වතාවට අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අර්ජුන හස්තිරාජයා දුටුවේ ඊයේ (21) රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසල උත්සවයේ නවවැනි පෙරහැර අතරතුරදීයි.

පෙරහැරට සමගාමීව දේවාල භූමියේ ආලෝක පද්ධතිය විවෘත කිරීම අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සුරතින් සිදුවිය.

අනතුරුව පෙරහැර අතරතුදී අර්ජුන හස්තිරාජායාට ආහාර සංග්‍රහයක් කිරීමටද අර්ජුන රණතුංග මහතා අමතක කළේ නැත.

අර්ජුන අලියා මේ වන විට දික්වැල්ල වැවුරුකන්නල බුදුරජ මහා විහාරස්ථානයේ භාරව සිටී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!