Gossip

“මුහුද දැන් පාරටත් උඩින් ගලනවා” – මුහුද ගොඩ ගලයි – ප්‍රදේශයේ ජනතාව භීතියට

බස්නාහිර දකුණ හා නැගෙනහිර මුහුදු ප්‍රදේශ පසුගියදා රළු වීමත් සමග ප්‍රදේශ කිහිපයකින් මුහුදු රළ ප්‍රධාන මාර්ගය දක්වා පැමිණ තිබුණා.

කෙසේවෙතත් එම ප්‍රදේශයේ මුහුදු රළ රළු වීම අද දක්වා බලපැවැත්වෙන බැවින් කාලගුණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබුණේ ධීවර හා නාවික ප්‍රජාවන්ට ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙසයි.

කෙසේවෙතත් 21 වන දින පස්වරුවේ මුහුද ඉතා රළු ස්භාවයක් ගෙන පසුව එකවර මුහුද ගොඩ ගැලීම සිදුව තිබෙනවා.

මුහුද ගොඩ ගැලීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව නිවාස වලින් එළියට බැස මුහුද ආසන්නයට පැමිණ මුහුද දෙස බලා සිටි අතර පැය තුනකට ආසන්න කාලයක් මේ තත්වය තිබී ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍ර දේශවල ජනතාව මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්.

“සුනාමි ඇවිල්ලත් අපිට මෙහෙම ගැලුවේ නැහැ . අද සවස තමයි මේ විදිහට මුහුද ගොඩ ගලන්න පටන් ගත්තේ අපිට හිතා ගන්න බැහැ මොකද්ද මේ වෙන්න යන්නේ කියල. පොලිසියෙන් අවා .ග්‍රාමසේවක අවා . එච්චරයි.දෙවියන්ට කියනවා හැරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැහැ”.

“ගමේ ඔක්කොම අද ඉන්නේ පාරේ . අද රෑට මොකකින් මොකක් වෙයිද දන්නේ නැහැ . මුහුද දැන් පාරටත් උඩින් ගලනවා . අපේ ජීවිත කාලේ මෙහෙම දැකලා නැහැ ”

මේ අද දෙරණ ඒ පිළිබඳව සිදුකල වාර්තාවක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!