Gossip

මුහුණුපොතෙන් තරුණියන් දෙදෙනෙක් ගෙනාට අන්දලා පෙම් සුව විඳපු පේරාදෙණියේ දත් දොස්තරට වෙච්ච දේ

ෆේස්බුක් ගිණුම් හරහා තරුණියන් රැවටූ පුත්තලම ප්‍රදේශයේ දන්ත වෛද්‍යවරයෙක් පෙරේදා (19දා) පේරාදෙණිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වෛද්‍යවරයා ෆේස්බුක් හරහා ප්‍රදේශ ගණනාවක තරුණියන් ඇසුරු කර ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
මොහු එක් තරුණියක් සමඟ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සිටියදී ඔහු පෙම් කළ තවත් තරුණියන් දෙදෙනකුට හසුවීමෙන් අනතුරුව එම තරුණියන් රැවටූ බව කියමින් වෛද්‍යවරයාට එරෙහිව පේරාදෙණිය පොලිසියට පැමිණිලි කර තිබේ.
පේරාදෙණිය පොලිසිය විසින් සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ පවත්වන බවයි වාර්තා වුණේ.
මේ වෛද්‍යවරයා පේරාදෙණිය උද්භිද උද්‍යානයට එක් තරුණියක් සමඟ පෙරේදා (19දා) දින පැමිණ ඇති අතර අනෙක් තරුණියන් දෙදෙනාද එම ස්ථානයට පැමිණ තිබේ. තරුණියන් රැවටූ වෛද්‍යවරයා පේරාදෙණිය පොලිසියට භාරදී ඇති අතර පේරාදෙණිය පොලිසිය ඉදිරි විමර්ශන පවත්වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!