Gossip

මුදලට තරග පාවා දුන් ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරියෙකුට වසර 20 ක තහනමක්

තරග මුදලට පාවා දීම සඳහා ක්‍රීඩකයින් පොළඹවා ගැනීමට උත්සහ දැරූ සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරියෙකුට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කටයුතුවල යෙදීම වසර 20 ක් දක්වා තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

රාජන් නායර් නැමැති මෙම නිලධාරියා සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී පැවති තරගාවලියේදී සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ නායක ග්‍රෑම් ක්රිමර් හට අමෙරිකානු ඩොලර් 30,000ක මුදලක් ලබාදී තරග පාවාදීම සඳහා පොළඹවා ගැනීමට උත්සහ දරා ඇති බව සඳහන්.

මේ පිළිබඳ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ නායක ග්‍රෑම් ක්රිමර් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කිරීමත් සමඟ අදාළ නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණු අතර පසුගිය ජනවාරි මාසයේ සිට ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ කටයුතුවල යෙදීම ද තහනම් කෙරුණා.

විමර්ශන කටයුතු අවසන් කරමින් අද දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇත්තේ ඔහුට වසර 20ක තහනමක් පනවන බවයි.

විමර්ශන කටයුතුවලට සහය ලබාදීම පිළිබඳ සිම්බාබ්වේ කණ්ඩායම් නායකයාට මෙන්ම එරට ක්‍රිකට් ආයතනයට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ස්තූතිය පළ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!