Gossip News

මිහිකත අනතුරේ..ජීවය ගිනි ගැනේ.. ඇමසන් ලැව් ගින්න ජාතික අර්බුදයක් – ප්‍රංශ ජනපති

ඇමසන් වනාන්තරයේ පැතිර යන ලැව් ගින්න ජාත්‍යන්තර අර්බුදයක් ලෙස සැලකිය යුතු බව ප්‍රංශ ජනාධිපති එමනුවල් මැක්රොන් පවසා තිබෙනවා.

ඔහු පවසන්නේ ජී 07 සමුළුවේදී මෙම ප්‍රශ්නය පිළිබඳව ප්‍රධාන වශයෙන් කතාබහට ගතයුතු බවයි.

මෙය සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඇමසන් වනාන්තරයේ පැතිර වන ලැව් ගින්න පිළිබඳ විවෘත සංවාදයකට තම ආණ්ඩුව සූදානම් බව වගේම මෙම වසරේ ඇමසන් වනාන්තරයේ ගිනි ගැනීමට ලක්ව ඇති ප්‍රමාණයෙන් සියයට අසු පහක පමණ ප්‍රමාණයක් බ්‍රසීලයට අයත් භූමි භාගයට අයත් බවට අනාවරණය වෙලා තිබෙනවා.

ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ලෝකයේ ඔක්සිජන් සැපයුමෙන් සියයට 20ක් නිකුත් කෙරෙන ඇමසන් වනාන්තරයේ ගිනි ගැනීම පිළිබඳ ජී 07 සමුළුවේදී දින 02ක කාලයක් සාකච්ඡාවට බඳුන් කළ යුතු බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!