Gossip

මිස් කොල් එකකින් ඇරඹුණු පෙම් පළහිලව්වෙන් දැරියක් අඹුකමට තියාගත් හමුදා සෙබළා විවාහකයෙක්

මගහැරුණ දුරකථන ඇමතුකට අනුව (මිස්‌ කෝල්) ගොඩනඟාගත් ප්‍රේම සම්බන්ධතාවක්‌ මත අනුරාධපුර ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ සිට මොනරාගලට පැමිණි යුද හමුදාවෙන් පලාගොස්‌ සිටි සෙබළකු අවුරුදු 15 මාස 11 වයසැති බාලවයස්‌කාර පාසල් දැරියක්‌ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයට රැගෙන ගොස්‌ සිටියදී පොලිසිය විසින් දඹගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

27 හැවිරිදි සෙබළා අදාළ පාසල් දැරිය සමග ගොඩනඟාත් මිතුරුදම මාස 3 ක්‌ පමණ ගත වන විට ප්‍රේම සම්බන්ධයක්‌ දක්‌වා දුර දිග ගොස් ඇති අතර ඉන්පසු දෙදෙනා කතාකරගත් පරිදි ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ සිට පැමිණි හමුදා සෙබළා මොනරාගල ප්‍රදේශයට පැමිණ ඉකුත් සැප්තැම්බර් මස 02 දින අලුයම 5.00 ට පමණ දෙමාපියන්ට හොර රහසේ එම දැරියව රැගෙන පලාගොස්‌ තිබෙනවා.

මෙම ගමනට තවත් හමුදා සෙබළෙක්‌ ද සහයට පැමිණ ඇති අතර එම සෙබළා ද තවත් තරුණියක්‌ රැගෙන සිවුදෙනාම කණ්‌ඩායමක්‌ වශයෙන් මොනරාගල නගරයේ සිට වැල්ලවාය හරහා කතරගමට ගොස්‌ මැණික්‌ ගඟෙන් දිය නෑමෙන් පසු එදින කතරගම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන ඇති අතර එහිදී බාලවයස්‌කාර පාසල් දැරිය හමුදා සෙබළා අතින් දූෂණයට ලක්‌ව ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්පසු සැප්තැම්බර් මස 03 දින මෙම සෙබළා දැරිය සමග අනුරාධපුර ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ගොස්‌ තිබෙනවා.

පාසල් දැරියගේ දෙමාපියන් විසින් සොයාගත් තොරතුරුවලට අනුව ගලෙන්බිඳුනුවැව පොලිසියට ගොස්‌ මෙම සිද්ධිය පිළිබඳව පැමිණිලි කර ඇති අතර පසුව පොලිසිය විසින් සැකකාර සෙබළාගේ නිවසට යන විට දැරිය සහ සෙබළා එම නිවසේ සිට තිබෙනවා.

හමුදාවෙන් පලා ආ චෝදනාව යටතේ පොලිසිය විසින් සැකකාර සෙබළාව අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකාර සෙබළා විවාහකයකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!