Gossip

මින්පසු පෝස්ටර් ඇලෙව්වොත් අයිතිකාරයාට නඩු – මහනුවර පෝස්ටර් ගැලවූ කතාවේ ඇත්ත කතාව මෙන්න – Photos

මහනුවර නගරයේ තාප්පවල අලවා ඇති පෝස්ටර් සියල්ල ඉවත් කර පිරිසිදු කිරීමට මහනුවර නගර සභාව විසින් ඊයේ (20) පියවර ගැනුණා.

මේ සඳහා මහනුවර පොලිස් නිළධාරීන්, මහනුවර නගර සභාවේ නිළධාරීන් සහ ප්‍රදේශයේ තරුණ කණ්ඩායම් රැසක් ද එකතු වී තිබෙනවා.

“නුවරත් හෝදලා ගමුද?” යන තේමාව යටතේ ආරම්භ වූ මෙම අපූරු ක්‍රියාවේ ආරම්භය සිදු වුනේ මහනුවර දුම්රිය ස්ථානයෙන් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මින් පසු දැන්වීම අලවන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බවටයි පැවසෙන්නේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සමාජජාල මාධ්‍යයන්වලද කතාබහට ලක්ව තිබෙන අතර බොහෝ දෙනෙක් පවසා ඇත්තේ මහනුවර වගේම තමන්ගේ ප්‍රදේශවලත් ඉතාමත් ඉක්මනින් මෙය සිදු කළ යුතු බවයි.

මේ එහි ඡායාරූප කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!