දෙමාපියන් හැම තත්පරයකම මහන්සි වෙන්නේ දරුවන්ට හොඳට උගන්වලා ලොකු මිනිස්සුන්ව කරන්න.
ඒ වගේම ඔවුන් ගැනවත් නොහිතා තමයි ඔවුන් දරුවෝ ගැන හිතන්නේ.
ඒත් කවදාහරි ඒ දෙමාපියන් වයසට ගියාම දරුවෝ ඒ අයට සළකන්නේ නැති එක කොච්චර පවක්ද?
අපි මේ කියන්න යන්නේ කටුගස්තොටින් ඇසුණු එහෙම කතාවක් ගැන.
මේ අම්මා දරුවන් 06 දෙනෙක් මෙළොවට බිහි කරපු මවක්. ඒ දරුවෝ නිසාම අමානුෂික වදහිංසා විඳින්න ඇයට සිදු වෙලා තියෙනවා.
දරුවන් අතර වෙච්ච දේපළ ආරවුලක් නිසා මේ මවට ආහාරපාන නොදී නිවසක හිරකරලා තියෙනවා.
මාස 06ක් පමණ එක්තැන් වෙලා සිටින ඒ මව ජීවත්වෙන්නේ වැඩිමහල් දියණිය සහ ඇගේ පවුලේ සාමාජිකයින් එක්කලු.
ඒත් මේ දරුවෝ 06 දෙනෙක් වැදුව අම්මාට දැන් වෙලා තියෙන දේ බලන්න.
මේ ඒ ගැන කෙරුණු වීඩියෝවකි.