Gossip

මාව තල්ලු කරගෙන අල්මාරියට තද කරගෙන දූෂණය කිරීමට උත්සාහ කළා – කතරගම තරුණ මව අපරාධයේ සුළමුල හෙළි කරයි

එක් අයෙක් තමන්ගේ අතේ සිටි කිරිකැටි දියණිය උදුරාගෙන අනෙක් හැඩි දැඩි පුද්ගලයා තමාව අල්මාරියට තද කර ගෙන දූෂණය කිරීමට උත්සාහ කළ බව කතරගම, වල්ලිමාතාගම, මැණික්පුර ගම්මානයේ 19 හැවිරිදි ජයනි සඳරේඛා කියා සිටී.

ඉකුත් 26 වැනි දා වූ, මාස දෙකයි දින විසි එකක් වයසැති සියුමි සාදනා නමැති බිළිඳිය, මවගෙන් පැහැරගෙන ගොස් නිවස අසල තිබූ වතුර පිරවූ බැරලයකට දමා ඝාතනය කිරීමේ සිද්ධිය රටේ ම ජනතාවට මහත් අනුවේදනීය පුවතක් විය.

එහෙත් ඒ සිද්ධිය වූ ආකාරය ගැන විවිධ පුවත් පළ වූ අතර පසුව සිදු වූ දේ එම තරුණ මව සම්පුර්ණයෙන් පැහැදිලි කර තිබේ.

කතරගම වල්ලිමාතාගම මැණික්පුර ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි ජයනි සඳරේඛා කියන කතාවයි මේ.

“මගේ සැමියාවන වයස අවුරුදු 22 ක්වන චාරුක සුනිල් යාල සෆාරි ජීප් රථ රියැදුරෙක් ලෙසයි රැකියා කටයුතු කරන්නේ. මෙහෙම සහාසික විදියට මරා දමා ඇත්තේ අපට සිටි එකම දරු පැටියායි. සැමියා සෑමදාම පාහේ හවසට ගමේ පන්සලට යැම පුරුද්දක් කර ගෙන තිබුණා. මේ සිද්ධිය වෙන වෙලාවේත් සැමියා ගමේ පන්සලට ගිහින් හිටියේ.”

“එදා සැමියා නැති වෙලාවේ සවස 06.45 ට විතර දෙන්නෙක් ගෙදරට ආවා. අපේ මාමා කෝ කියා ඇසුවා. අපේ මාමා මාළු විකුණන කෙනෙක්. ඒ වෙලාවේ මාමා නිවසේ හිටියේ නැහැ. මම කිව්වා මාමා ගෙදර නෑ කියලා. ඒත් ඒ වෙලාවේ මම ඇහැව්වා මාමා හොයන්නේ ඇයි කියලා. ඒ වෙලාවේ ඔවුන් කිව්වා අද උදේ මාමාගෙන් මාළු වගයක් ණයට ගත්තා ඒකෙ සල්ලි දෙන්නයි ආවේ කියා. මාමා නොමැති නිසා ඒ දෙන්නා යන්න ගියා.”

“මම පොඩි බබා වඩාගෙන සිටිය දී කලින් ආ දෙදෙනාම විනාඩි පහකට පමණ පසු ආපහු ආවා. කෙළින්ම ගෙට ඇතුල් වුණා. මුහුණ පුරා රැවුල වවාගත් පුද්ගලයකු හා තවත් අයකු නිවසට පැමිණියේ. එකෙක් මම කෑගහද්දීම මගේ අතේ සිටි දරුවා උදුරා ගත්තා. එතැන දී රැවුල වවාගත් පුද්ගලයා මගේ අතින් අල්ලා බදා ගන්නා විට අනෙක් පුද්ගලයා මගේ අතේ සිටි දරුවා උදුරාගෙන නිවසින් පිටතට ගියා.”

“අනෙක් එකා, රැවුල වවා ගත්තු උස මහතා එකා මාව අල්ලාගෙන මට අතවර කරන්න හැදුවා. ඒකා මගේ හැට්ටේ අස්සට අත දමා ගත්තා. මාව තල්ලු කරගෙන අල්මාරියට තද කරගෙන දූෂණය කිරීමට උත්සාහ කළා. ඔහු හොඳට උස මහත කෙනෙක්. මම ඌත් එක්ක පොර බදා කොහොම හරි උගෙන් බේරී පස්ස දොරෙන් එළියට පැනලා අල්ලපු ගෙදරට ගියා”

“මම ඔහුගේ ග්‍රහණයෙන් මිදි නිවසින් එළියට දිව යන විට ඔහු ද මගේ පසු පසින් ඒමට උත්සාහ කළා. නමුත් එහි දී ඔහු නිවසේ කුඩා උළුවස්සෙහි වැදුනා.”

“ඒත් එක්කම මට ත්‍රිරෝද රථයක් වේගයෙන් යන හඬකුත් ඇසුණා. මම කෑ ගසා මෙම සිද්ධිය කීවාම අහළ පහළ අය දුවගෙන ආවා. දරු පැටියා පේන්න හිටියේ නැහැ. මම මහත්තයටත් කෝල් කරලා සිද්ධිය කිව්වා. කට්ටියම එකතුවෙලා සොයා බලද්දී මගේ දරු පැටියා අලුතින් හදන ගේ ළඟ වතුර බැරල් එක ඇතුළේ සිටියා. ගොඩට අරගෙන බලනකොටත් දරු පැටියා මිය ගිහින්. මේ අපරාධය කළ දෙන්නා නැවත දැක්කොත් මට හඳුනා ගන්න පුළුවන්”

ජයනි පානදුර ප්‍රදේශයේ පදිංචිකාරියකවන අතර විවාහයෙන් පසු මැණික්පුර පිහිටි සිය සැමියාගේ මහ ගෙදර ජීවත් වන්නට පැමිණ තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!