Gossip

මාලිගාවත්තේදී වෙඩි තියලා තියෙන්නේ නිප්පුට – පාතාලයේ තවත් ඉලක්කයක්ද?

පසුගිය දිනවල අහන්න දකින්න ලැබුණෙම වෙඩි තැබීම්.

මේ නිසා එක දිගටම වෙඩි තැබීම්වලින් සිදුවූ මරණ ගැන විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා.

මේ සිදුවූ මරණ තුළින් අනාවරණය කරගත් කරුණු අතර බොහෝ දෙනෙක් පැවසුවේ පාතාල කල්ලි නැවතත් හිස ඔසවා ඇති බවයි.

ඉතින් ඊයේ රාත්‍රී 08.30 ට පමණ මාලිගාවත්ත පොලිස් වසමේ අලාමා ඉබ්බාල් අතුරු මාර්ගයේ දීත් පුද්ගලයෙකුට වෙඩි තබා තිබුණා.

මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ සාවුල් හමීඩ් මොහොමඩ් නිප්‍රාස් නොහොත් නිප්පු නැමැති 31 වන වියේ පසුවූ අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

‍කෙසේවෙතත් මෙම වෙඩි තැබීම සිදුකළ ‍පුද්ගලයින් මෙතෙක් අනාවරණය වී නොමැති අතර මාලිගාවත්ත පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!