Gossip

මානුෂීය මෙහෙයුමේදී රට වෙනුවෙන් සියලු දේ කැප කළ ඔහු සමඟ යුගදිවිය ඇරඹූ ඇය – Photos

2009 මැයි මාසයට ප්‍රථමයෙන් බෙදුම්වාදී එල්ටිටිඊ ත්‍රස්ථවාදයට එරෙහිව දියත් කරන ලද මානුෂීය මෙහෙයුමේ නිරත ව සිටියදී පෙරියමඩු ප්‍රදේශයේ දී තුවාල ලැබු 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සැරයන් ඊ.ඒ.එස් ඒකනායක දැනට පාන්ගොල්ල ‘අභිමංසල – 3’ සුව සහන මධ්‍යස්ථානයේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ඔහුගේ ජිවන ගමන් මගේ නව පිටුවක් පෙරළමින් විවාහ ගිවිසගත් අතර එහි විවාහ මංගලොත්සවය බ්‍රහස්පතින්දා (24) දින අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වා තිබුණා.
මෙම විවාහ මංගලොත්සවය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්නගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ එම රෙජිමේන්තු සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද අතර විවාහ යුවල වෙනුවෙන් සාක්‍ෂි අත්සන් කිරිම රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය සහ රෙජිමේන්තු අධිපතිතුමන් අතින් සිදුකර තිබුණා.
තම මනාලිය වන ඉහළ මාබුල, මධුමී ලංකා හේමමාලී මෙනෙවිය මෙම රණවිරුවාගේ ආබාධිත තත්වය ද නොසළකමින් පසුගිය වසර දෙකක කාලය තුල ආදරයෙන් බැදී ඇත.
මෙම මංගලෝත්සවය සම්ප්‍රදායික පොරුව චාරිත්‍රය, විවාහ ලියාපදිංචිය, මංගල කේක් කැපීම, ඥාතින් අතර ත්‍යාග හුවමාරුව, සුහපැතුම් එක්කිරිම සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සංගීත කණ්ඩායමේ ගීත හා වාදනයන්ගෙන් අභිමානයක් මෙන්ම විචිත්‍ර බවක් ද එක්කරන ලදී.
මෙම අවස්ථාව සඳහා සම්භාවනීය අමුත්තන් වශයෙන් රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය, සිංහ රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජීවා වික්‍රමරත්න මහත්මිය සමගින් සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න එක්වුහ.
මේජර් ජෙනරාල් චන්දන රාජගුරු (විශ්‍රාමික), මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන, මේජර් ජෙනරාල් එල්.එෆ් කස්තුරිආරච්චි, බ්‍රිගේඩියර් හේමන්ත කුලතුංග, සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවෙල, සිංහ රෙජිමේන්තු සේවා වනිතා එ්කකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, නිලධාරින් සහ සෙසුනිලයින්, දෙපාර්ශවයේ ඥාති හිතමිත්‍රාදීන් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!