Gossip

මහේල කලේ කපටි වැඩක් – බොලිවුඩ් නිළි ප්‍රීති සින්ටාගෙන් මහේලට චෝදනාවක්

ඉන්දීය ප්‍රීමීයර් ලීග් තරගාවලියේ තීරණාත්මක තරගයක් මුම්බායි කණ්ඩායම සහ කිංගස් එලෙවන් පංජාබ් කණ්ඩායම අතර පසුගියදා පැවැත්වුනා. එම තරගයෙන් ලකුණු 03ක තියුණු ජයක් ලැබීමට සමත්වූයේ මහේල ජයවර්ධන විසින් පුහුණුකාරීත්වය දරනා මුම්බායි කණ්ඩායමයි.

කෙසේවෙතත් මෙම තරගය මේ වනවිට ඉන්දීය ප්‍රීමීයර් ලීග් තරගාවලියේ ආන්දෝලනයට ලක්ව තිබෙනවා. ඒ මෙම තරගයෙන් පසුව පරාජයට පත්වූ කිංගස් එලෙවන් පංජාබ් කණ්ඩායමේ සම හිමිකාරීනී ප්‍රීතී සින්ටා විසින් මුම්බායි ඉන්දියන්ස් පුහුණුකරු මහේල ජයවර්ධනට චෝදනා කිරීමත් සමගයි.

තරගයේ සියලු ගෞරව දිනාසිටි පංජාබි කණ්ඩායමට විටෙක කඩුලු 09ක් අතැතිව අවසන් පන්දුවාර 04 තුල අවශ්‍යව තිබුණේ ලකුණු 42ක් පමණි. එහෙත් ජස්ප‍්‍රිත් බුම්රාගේ අවසන් පන්දුවාර 02 ඔවුන්ගේ ජයග‍්‍රාහී ගමන අඩපණ කල අතර එම පන්දුවාර 02 තුළ බුම්රා ලකුණු 10කට කඩුලු 03ක් දවා ගනිමින් සිය කණ්ඩායමට බලාපොරොත්තු එක් කළා.

තරගයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පිතිකරණයේ යෙදී සිටින විටදී හදිසියේම ක්‍රීඩා පිටියේ එක් විදුලි පහන් කණුවක විදුලිය හදිසියේ විසන්ධිවීම නිසා තරගය විනාඩි 15කට නවතා දැමීමට සිදුවිය.මෙම සිදුවීම හිතාමතාම සිදුකල එකක් බව කිංගස් IX පංජාබ් කණ්ඩායමේ හිමිකාරිනිය වන ප්‍රීති සින්ටා චෝදනා කර තිබුනා.

ඒ මොහොතේදී කිංගස් IX පංජාබ් කණ්ඩාය කඩුලු 4ක් දවාගනිමින් ඉතා හොදින් ක්‍රීඩා කල අතර පසුව විදුලිය විසන්ධිවූ මොහොතේ මුම්බායි කණ්ඩායමේ සියලු දෙනා පුහුණුකරු සමග සාකච්ජා කල බවත් ඒ මොහොතේ පිතිකරණය සදහා පිටියට පැමිණි කිරන් පොලාඩ් කණ්ඩායමේ පුහුණුකරුවන වන මහේල සමග කතා කිරීම වැරදි දෙයක් බවත් ඇය චෝදනා කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!