Gossip

මහරගමදී පොලිස් කොස්තාපල්වරයා ඔළුවට වෙඩි තියාගත්තේ විවාහක පෙම්වතිය ඉදිරියේ – පෙම්වතියගෙන් ප්‍රකාශයක්

මහරගම පොලිස්‌ ස්‌ථානය තුළදී පොලිස්‌ කොස්‌තාපල්වරයකු සිය රාජකාරි රිවෝල්වරයෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතිය බව කියන විවාහක කාන්තාවගෙන් ප්‍රකාශයක්‌ ලබා ගත් බව මහරගම පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ ස ඳහන් කර තිබෙනවා.

බත්තරමුල්ල පදිංචි 34 හැවිරිදි විවාහක කාන්තාවගෙන් අදාළ ප්‍රකාශය ලබාගත් බව ද එම නිලධාරියා පවසනවා.

පෙරේදා (28 වැනිදා) පෙරවරු 9.45 ට පමණ මහරගම පොලිසියේ ආපන ශාලාව පිටුපස ඇති ස්‌ථානයකදී වෙඩි තබාගෙන දිවිනසාගෙන තිබුණේ මහරගම පොලිසියේ රථවාහන විමර්ශන අංශයට අනුයුක්‌තව රාජකාරි කරමින් සිටි අනුරාධපුර, තලාව පදිංචිව සිටි ඩී. එම්. මනෝඡ් දිසානායක (84370) නමැති පොලිස්‌ කොස්‌තාපල්වරයායි.

මෙම පොලිස්‌ කොස්‌තාපල්වරයා සිය පෙම්වතිය (විවාහක කාන්තාව) ඉදිරිපිටදී වෙඩි තබාගෙන ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.

මෙම විවාහක කාන්තාව මහරගම පොලිස්‌ ස්‌ථානයට පෙරේදා (28 දා) පැමිණ ඇත්තේ පොලිස්‌ කොස්‌තාපල්වරයා තවත් කාන්තාවක සමග ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වන බවට චෝදනා කරමින්. අනතුරුව ඔවුන් දෙදෙනා ආපන ශාලාව පිටුපස දෙසට ගොස්‌ එකිනෙකාට චෝදනා කර ගනිමින්, ඔවුන් දෙදෙනා බහින්බස්‌ වී තිබෙනවා. පසුව එය දෙදෙනා අතරේ ගැටුමක්‌ දක්‌වා වර්ධනය වී ඇත. ඉන් අනතුරුව ඔහු සතුව තිබු රිවෝල්වරයෙන් වෙඩි තබාගෙන ඇතැයි හෙළි වූ බව ද පොලිසිය පවසා තිබෙනවා.

මීට වසරකට ඉහතදී මෙම පොලිස්‌ කොස්‌තාපල්වරයා තලංගම පොලිසියට අනුයුක්‌තව සේවය කරමින් සිට ඇති අතර එසේ සිටියදී බත්තරමුල්ල තලාහේන පදිංචි මෙම විවාහක කාන්තාව දැන හඳුනාගෙන අනියම් සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළි වී තිබෙනවා.

අනතුරුව ඔහු මහරගම පොලිසියට මාරුවීමක්‌ ලබාගෙන තිබෙනවා.

මෙම බත්තරමුල්ල පදිංචි කාන්තාවගේ සැමියා මත්කුඩුවලට ඇබ්බැහි වී සිටීම හේතුවෙන් දැනට ඔහු බූස්‌ස කඳවුරේ පුනරුත්ථාපනය ලබමින් සිටින බව පොලිසිය පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!