Gossip News

මහජන සෞඛ්‍යය පරික්ෂකවරයාට කාන්තාවක් පෙරළපු බාල්දියක්..

මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා තම අතින් අල්ලා කතා කරමින් සිටි දුරකථනය රැගෙන ඉවතට දැමුවා කියලා හැටන් නගරයේ පලතුරු බීම වෙළඳසැලක අයිතිකාර කාන්තාවක් සහ ඇගේ සැමියා හැටන් පොලිසියේ පැමිණිලි අංශයට පැමිණිල්ලක් කර තිබෙනවා.

මේ පැමිණිල්ල සම්බන්දයෙන් 19 දින විභාග කල හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එ එල් එම් ජෙමිල් මහතා දෙපාර්ශවයම කැදවා පැමිණිල්ල විභාග කර අතර එහිදි පැමිණිලි පාර්ශවයට පවසා ඇත්තේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා රාජකාරි කටයුත්තකත් සදහා තම වෙලදසැලට පැමිණි අවස්තාවේ ඔහුගේ රාජකාරියට සහයෝගය නොදක්වා මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා ගනන් නොගෙන මහජන සෞඛ්‍යය පරික්ෂකවරයාගේ රාජකාරියට බාධා කර ඇති බවයි.

මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා වෙළදසැලේ කාන්තාවගේ අතින් අල්ලා කතා කරමින් සිටි දුරකථනය රැගෙන පසක තැබු සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට යම් නිතිමය පියවරක් ගැනිමට නොහැකි බවත් එය විනය ක්‍රියාවක් නිසා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නම් හැටන් දික්ඔය නගර සභාවේ ලේකම්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස පොලිසිය පවසා තිබෙනවා.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අප හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක රාමයියා බලක්‍රිෂ්ණන් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ අදාල පලතුරු බිම සැල නගර සභාවේ වාර්ෂික බලපත්‍රයක් ලබා නොගෙන අපිරිසිදුව සහ අක්‍රමවත් අකාරයට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ලද පැමිණිලි කිහිපයක් මත එය පරික්ෂා කිරිමට ගිය අවස්තාවේ වෙලදසැලේ සිටි කාන්තාවට තමන් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා බවට අන්‍යයතාවය තහවුරු කර සිටියදි වෙළදසැලේ සිටි කාන්තාව තමන්ගේ රාජකාරිය පිලිබදව තැකිමක් නොකර ඇය දුරකථනයෙන් කතා කරමින් සිටි බවයි.

එම අවස්තාවේ ඇගෙන් දුරකථනය රැගෙන මේසය මත තැබු බවත්, වෙලදසැල පරික්ෂා කර බැලිමේදි එම වෙලදසැල පවත්වාගෙන යාමට නගර සභාවෙන් 2019 වර්ෂය සදහා වාර්ෂික බලපත්‍රයක්ද ලබා නොගෙන ඇති බවත්, කොරිඩොවක් තුල මෙවැනි පලතුරු බිම හලක් පවත්වාගෙන යා නොහැකි බවත්, පලතුරු බිම වෙලදසැලක් පවත්වාගෙන යාමට ඒ සදහා අදාල කාන්තාවට පුහුණු සහතිකයක්ද නැති බවට ද වාර්ථා වෙනවා.

පලතුරු බිම වෙලදසැල පවත්වාගෙන යන මුවාවෙන් පිසු ආහාරද එම වෙලදසැලේ අපිරිසිදු අකාරයට ප්‍රදර්ශනය කර තිබු බවත්, එම වෙලදසැලේ තිබු අඩු පාඩුකම් වසන් කිරිම සදහා එම වෙලදසැලේ කාන්තාව සහ ඇයගේ සැමියා විසින් තමන්ට එරෙහිව හැටන් පොලිසියේ බොරු පැමිණිල්ලක් සිදු කර ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකයා තවදුරටත් පවසනවා.

මෙම වෙලදසැල සම්බන්ධයෙන් නගර සභාවේ සභාපතිවරයා සහ ලේකම්වරයාව දැනුවත් කර ඇති බවත්, එ අනුව එම වෙලදසැල එම ස්ථානයෙන් ඉවත් කිරිමට අවශ්‍යය නිතිමය පියවර ගන්නා බවද මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා පැවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!