Gossip News

“කිරෙන් සපිරි දැයක්” තේමාව යටතේ අද සිට පාසල් දරුවන්ට දියර කිරි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් “කිරෙන් සපිරි දැයක්” යන තේමාව යටතේ පාසල් දරු දැරියන්ට දියර කිරි පැකට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන අද දින රත්නපුර කලවාන කජුවත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මෙම ජාතික වැඩසටහන සදහා වසරකට රුපියල් මිලියන දහසක මුදලක් රජය විසින් වෙන්කර ඇති අතර පළමු වසරේ සිට පහ වසර දක්වා සිසුන් ලක්ෂ හතරකට දවසකට කිරි මිලි ලීටර 150ක් ලබාදීමට නියමිතව තිබෙනවා.

මෙම වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ හා පශු සම්පත් අමාත්‍යාංශයේ සහයෝගය යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය හා ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය මෙම වැඩසටහන ඉදිරියට කරගන යාමට කටයුතු කරන බවට ද රස කළ කිරි වෙනුවට ප්‍රමිතිගත දියර කිරි පැකට්ටුවක් දරුවන් වෙනුවෙන් ලබා දීමට කටයුතු සූදානම් කර තිබෙන බවට වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!