Gossip

මල්වර මගුලට ඇවිත් කන කඩාගෙන ගිහින්

මල්වර උත්සවයකදී දෙදරු පියෙකුගේ කනේ කොටසක් වෙන්වන සේ සපාකෑ සිද්ධියක් පිළිබඳව පෙරේදා (10) වාර්තා වී තිබෙනවා.

ඒ කැබිතිගොල්ලෑව උඩංගාව ප්‍රදේශයේ නිවසකදීයි.

කන සපාකෑමෙන් 45 හැවිරිදි දෙදරු පියාගේ කනේ කොටසක් වෙන්වී ගොස් තිබූ අතර ඔහුට අනුරාධපුර රෝහලේදී ශල්‍යකර්මයක් සිදුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

සිද්ධිය සිදුවෙන අවස්ථාවේදී දෙදෙනාම අධික ලෙස බීමතින් සිට තිබෙනවා.

තුවාලකරු අවස්ථා කිහිපයකදීම මල්වර උත්සවයට පැමිණ කිහිපදෙනෙකු සමග ගැටුම් ඇතිකරගෙන තිබූ අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා එය වැළැක්වීමට යෑමේදී ඇතිවූ ගැටුමක් දුරදිග ගොස් කන සපාකෑම සිදුවී තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!