Gossip

පුංචි කාලේ එකට හිටපු යාළුවාගේ නංගිව උස්සන්න ආ රටම දන්න කෝටිපතියාට අත්වූ අවාසනාවන්ත ඉරණම

වයස අවුරුදු 21ක තරුණියනක් පැහැරගැනීමට පැමිණි බව පැවසෙන පුද්ගලයෙකු පහරකෑමකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අදාළ තරුණියගේ සහෝදරයා විසින් එලෙස එම පුද්ගලයාට කැත්තකින් පහරදී තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 35 පමණ වූ පුද්ගලයෙකි.

ඔහු සිය පෙම්වතියගේ උපන් දිනය පැවති දිනයේ රුපියල් කෝටි දෙකක බෙන්ස් වර්ගයේ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් ලබාදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පසුගිය සමයේ ප්‍රසිද්ධියට පත්වූ හැව්ලොක් පාර නාවින්න හා නවම් මාවත කොළඹ ලිපිනයේ පිහිටි ප්‍රසිද්ධ කාන්තා හා පිරිමි සලෝන් ආයතන දෙකක් පවත්වාගෙන ගිය මල්ලවආරච්චි පැතුම් නැමැති කෝටිපති ව්‍යාපාරිකයෙක්.

අනුරාධපුර ගල්පොත්තේගම ප්‍රදේශයේ දී සිද්ධිය සිදුවී තිබුණි.

ජීවිතක්ෂයට ලක්වූ මෙම පුද්ගලයා ද කුඩා කල එම නිවසේ වාසය කර තිබෙන බවද හෙළිවී තිබෙනවා.

එම හිතවත්කම හේතුවෙන් රැකියාවක් ලබාදෙන බව පවසා අදාළ තරුණියව කොළඹ ප්‍රදේශයේ රඳවාගෙන සිට ඇති බවත් පසුව හොර රහසේ මෙම තරුණිය සිය නිවසට පැමිණි බවත් ඇයගේ මව පැවසුවා.

පසුගිය දා රාත්‍රියක මෙම පුද්ගලයා එම නිවසට පැමිණ තරුණියව පැහැර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී තරුණියගේ සහෝදරයා විසින් ආයුධයකින් පහරදීම නිසා ඔහු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!