News

මරාගෙන මැරෙන පුහුණු කිරීම් හා බෝම්බ නිපදවූ, අක්කර 10 ක ත්‍රස්තවාදී පුහුණු කඳවුරක් සොයා ගනී

බුද්ධි අංශ වලට ලැබුණු තොරතුරකට අනුව ත්‍රස්තවාදීන් ඔවුන්ගේ කටයුතු සඳහා භාවිත කළ බවට සැක කෙරෙන අක්කර 10ක පමණ භූමියක් අද (05) කාත්තන්කුඩි ඔල්ලික්කුලම් ප්‍රදේශයේදී සොයා ගෙන තිබෙනවා.

කාත්තන්කුඩි පොලිසීය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය මෙම වැටලීමට එක්වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

අදාළ ඉඩමේ හිමිකරුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

පසුගිය දිනක සයින්දමරුදු මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකළ රිල්වාන් නැමැත්තා 2007 වසරේදී මෙම පුහුණු කඳවුරෙන් පුහුණුව ලබන අතරතුර සිදුවූ පිපිරීමකින් ඔහුගේ ඇඟිලි වලට හා ඇහැකට හානි සිදුව ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

මෙම කඳවුර තුලදී මරාගෙන මැරෙන පුහුණු කිරීම් හා බෝම්බ නිපදවීම ද සිදු කර ඇති බවත් අනාවරණය වි තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!