News

පාසල් ආරම්භය මැයි 13 වැනිදාට කල් යයි

පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා වු සිසු දරුවන්ගේ අධ්‍යයන කටයුතු ලබන සඳුදා දින ආරම්භ නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම ශ්‍රේණිවල දරුවන් සඳහා දෙවන වාර අධ්‍යයන කටයුතු ලබන 13 වන දින සිට ආරම්භ කිරීමට නියමිතයි.

06 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිසු දරුවන් වෙනුවෙන් අධ්‍යයන කටයුතු පමණක් ලබන සඳුදා යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පාසල් දරුවන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා රජය මෙම ආරක්ෂක සැලසුම ක්‍රියාවට නංවා තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!