Gossip

මරාගෙන මැරෙන ප්‍රහාරයට පැමිණි මොහොමඩ් සහරාන්ගේ නැගණියට අධිකරණයෙන් දුන් තීන්දුව මෙන්න

ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායකයා වූ මෙහොමඩ් සහරාන් කාෂිම්ගේ ඩී.එන්.ඒ හඳුනාගැනිම සඳහා ඔහුගේ නැඟනිය කොළඹ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් මඩකලපුව බන්ධනාගාර අධිකාරිවරයා වෙත අදාළ නියෝගය ඊයේ(09) ලබාදී ඇති බවයි අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
එ අනුව අද(10) දිනයේ සිට ලබන 15 දින දක්වා කාලය අතරතුර එම සැකකාරිය කොළඹට රැගෙන එන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධීකාරිවරයාට නියෝග කර තිබේ.
කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මාරාගෙන මැරෙන ප්‍රහාරයට මොහොමඩ් සහරාන් කාෂිම් සමග මොහොමඩ් ඉන්සාම් ඊබ්‍රහිම් යන දෙදෙනා සහභාගීවී ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට දැනුම් දෙනු ලැබුවේය.
එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඇති ඔවුන්ගේ හිස් කොටස් ඉදිරිපත් කර ඩී.එන්.ඒ පරික්ෂණයක් මඟින් අනන්‍යතාව තහවුරු කර ගන්නා ලෙසයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර ඇත.
ඒ අනුව දැනට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ සිටින මොහොමඩ් ඉන්සාම් ඊබ්‍රහිම් නමැත්තාගේ පියා සහ සහෝදරයින් දෙදෙනා ද රුධිර සාම්පල ලබා ගැනීම සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
අදාළ බෝම්බ පිපිරිම් වලට භාවිතා කළ බවට සැකකෙරෙන සුඛෝපබෝගි වාහන දෙකක් ඇතුළු වාහන 07ක් සම්බන්ධයෙන් රජයේ රස පරික්ෂකවරයාගේ වාර්තාවක් කැඳවන ලෙසට ද කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව සඳහන්ය.
ෂැංග්‍රිලා හෝටලයට ප්‍රහාර එල්ල කළ බෝම්බකරුන්ට එම හෝටලයේ කාමර වෙන්කරවාගෙන ඇත්තේ ඉන්සාම් අහමඩ් නමැති වැල්ලම්පිටිය තඹ කම්හල හිමි කෝටිපති ව්‍යාපාරිකයා බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම්දී තිබේ.
ඔහු ද සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී බෝම්බ පුපුරවාගෙන මියගොස් ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී ඇත.
මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන ඇති ඝාතනයට ලක් වූ සහ ඔවුන්ගේ ඥාතීන් භාරයේ තිබු රන් ආභරණ, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ඉදිරිපත් කොට වාර්තාවක් කැඳවන ලෙස ද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර තිබේ.
ෂැංග්‍රිලා හෝටයේ සිදුවූ පිපිරිම් දෙකෙන් පුද්ගලයින් 36 දෙනෙකු මියගොස් තවත් 34දෙනෙකු තුවාල ලබා ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!