Gossip

“මම එම්.පී. කතා කරන්නේ.. මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාරේ බෝම්බ තුනක් පුපුරනවා.. පුළුවන්නම් නවත්වන්න”

මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාරේ බෝම්බ තුනක් පුපුරවන බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ 119 දුරකථන අංකයට අසත්‍ය තොරතුරක් ලබාදුන් මුස්ලිම් ජාතික දුරකථන අලුත්වැඩියා කරන්නෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසෙල්වත්ත මුහන්දිරම් පාරේ නිවසක සිටියදී ඔහුව අත්අඩංගුවට ගත් බවයි මාලිගාවත්ත පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.
එම පුද්ගලයා සමග ජංගම දුරකථන සිම් කාඩ් පත් විසි එකක් සහ ජංගම දුරකථන හතරක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
අදාල ඇමතුම සමග වහා ක්‍රියාත්මක වූ මාලිගාවත්ත පොලිසිය, යුද හමුදාව, බෝම්බ නිෂ්ක්‍රීය අංශය, පොලිස් විශේෂ කාර්ය බලකායද කැදවා එම මාර්ගය අවට මහජනතාව ඉවත් කර කඩ සාප්පුද වසා දමමින් පැය හයකට ආසන්න කාලයක් විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කළද කැලි කසල අඩංගුකර තිබූ පාර්සල් කිහිපයක් පමණක් හමුවූ බව මාලිගාවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.
අසත්‍ය තොරතුරක් පවසා රජයේ සේවකයන්ගේ බලය මහජන අප්‍රසාදදයක් ඇතිවන අදහසින් මෙම ඇමතුම ලබාදී ඇති බව මාලිගාවත්ත පොලිසිය විසින් අධිකරණයට කරුණු දක්වා තිබූ අතර එය සැලකිල්ලට ගෙන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය පරීක්ෂණ පවත්වා අදාල සැකකරුව අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුවයි අදාල සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
“මම එම්.පී. කතා කරන්නේ.. මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාරේ බෝම්බ තුනක් පුපුරනවා. පුළුවන්නම් නවත්වන්න” යනුවෙන් 119 දුරකථන අංකයට ඇමතුම ලබා දී තිබෙනවා.
ඒ අනුව අධිකරණ නියෝග මත 119 හදිසි ඇමතුම් අංශයේ හඬ පටයද ලබාගෙන මාලිගාවත්ත පොලිසිය විසින් අදාල සැකකරුව අත්අඩංගුවට ගත් බවයි වාර්තා වුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!