Gossip

“මම මේක ඔයාට කියන්න හිටියේ සති ගාණක ඉඳන්. මගේ හස්බන්ඩ් මට ආදරේ නැහැ. ඔයාට පුළුවන්ද මට ආදරේ කරන්න.” – දැලි රැවුලවත් වැවී නැති අවුරුදු 14 සිසුවාව රවටා ගත් ගුරුවරිය

රුවනි මාතර වැලිගම ප‍්‍රදේශයේ පදිංචි තරුණියකි. එම ප‍්‍රදේශයේම පාසැලක අධ්‍යාපන හැදෑරු ඇය උසස් පෙළ විභාගය ඉතා උසස් ලෙස සමත්වූවාය. එහෙත් සරසවි යෑමට ඇයට නොහැකි වූයේ දශම ගණනක ලකුණු අඩු වීම නිසාය.
කුඩා කල සිටම ඇයගේ සිහිනය වූයේ ගුරුවරියක වීමටයි. එම නිසා සරසවි වරම් අහිමි වුවත් ඇය තම සිහිනය අතහැරියේ නැත.
කෙලෙස හෝ ගුරුවරියක් වනවා ඇය ඒකාන්තයෙන්ම සිතා ගත්තාය. ඒ අනුව අයව බාහිර උපාධිය හැදෑරීමට පටන් ගත්තාය.
සුරංගනාවියක් බඳු රුවක් නොතිබුණත් තරුණයන්ගේ සිත් ඇදගන්නාසුළු රුවක් ඇයට තිබුණි.
ඉගෙනීමට මෙන් ඇය ප්‍රේමයටද මුල් තැන දුන්නාය. එම නිසා ප්‍රේම සම්බන්ධතා කිහිපයක් ඇය පාසල් කාලයේ සිටම පවත්වාගෙන ගියාය. එහෙත් ඒ කිසිදු සම්බන්ධතාවයක් ස්ථිර ඒවා නොවීය. කාලයාගේ ඇවෑමෙන් එම සම්බන්ධතා ද නැතිවී ගියේය. කලක් එලෙස ගතවිය.
අනුර මාතර ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි.පාසල් අධ්‍යාපනය හමාර කළ ඔහු රැකියාවක් සොයමින් සිටියේය. රැකියා කිහිපයකට අයදුම් කළ ද ඔහුට කිසිදු රැකියාවක් සොයා ගැනීමට නොහැකි විය. අවසානයේ ඔහු හිතුවේ ආරක්ෂක අංශයට එකතු වීමටයි. ඒ අනුව ඔහු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට එක්විය.
කඩවසම් තරුණයෙකු වූ අරුණට දිනක් රුවනිව දැන හඳුනා ගැනීමට හැකි විය. ඒ තම යහළුවෙකුගේ විවාහ මංගල උත්සවයකදීය.
රුවනි දුටු එම මොහොතේදීම ඇය ගැන පැහැදීමක් ඔහුගේ සිතේ ඇතිවිය. ”රුවනිව තමන්ගේ කර ගන්නට ඇත්නම් කොතරම් අගනේද” ඔහුට සිතුණි. එලෙස සිතූ ඔහු රැවනි සමඟ මිතුදමක් ඇතිකර ගැනීමට උත්සාහ කළේය.
ඒ මෙලෙසින්ය.

නංගි මම අනුර ගුරුසිංහ. මම සිවිල් ආරක්ෂක අංශයේ වැඩ කරන්නේ.
ආ එහෙමද අයියේ.
ඔයාගේ නම කිව්වෙ නෑනෙ.
මම රුවනි මංගලා.
නංගි මොකද කරන්නේ රස්සාවක් කරනවද?
නැහැ අයියේ මම තවම ඉගෙන ගන්නවා.
එහෙමද කොහෙද කැම්පස් එකේ ද?.
කැම්පස් එකක තමයි ඒත් මම බාහිර උපාධිය කරන්නේ.
කොච්චර හොඳද.
මමත් ආසාවෙන් හිටියේ හොඳට ඉගෙන ගන්න. ඒත් කොහෙද ඒක කරන්න බැරිවුණානේ.
ඇයි ඒ.
මට ඕන වුණේ රස්සාවක් කරන්න. රස්සා ගොඩකට ඉල්ලූම්පත‍්‍ර දැම්මා ඒත් හරි ගියේ නෑ. බැරිම තැන තමයි මම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බැඳුනේ. ඒ රට වෙනුවෙන් වත් සේවයක් කරන්න.
ෂා… කොච්චර හොඳ දෙයක්ද අයියා කරලා තියෙන්නෙ.
අනේ මන්දා නංගි. වෙලාවකට හිතෙනවා මම මේ ගත්තේ මෝඩ තීරණයක් ද කියලා.
එහෙම හිතන්න එපා අයියෙ. ඕක කොච්චර හොඳ රස්සාවක් ද ?
අනේ මන්දා නංගි.
එලෙස ඔවුන් දෙදෙනා බොහෝ දේවල් කතාබස් කළහ. එදින ඔවුන් වෙන් වූයේ තම ජංගම දුරකථන අංක හුවමාරු කරගනිමින්ය.
එදින අනුරට නිදි නොමැති රාත‍්‍රියක් විය.
පසු දින උදාවිය. අනුර රුවනිට දුරකථන ඇමතුමක් ලබාදී සුවදුක් විමසූවේය. එතැන් පටන් ඔහු දිනපතා ම පාහේ රුවනි සමග අදහස් හුවමාරු කරගත්තේය.
මාස කීපයක් ගත විය. දෙදෙනා අතර ලොකු මිත‍්‍රත්වයක් ඇති වූහ. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ දෙදෙනා පෙම්වතුන් බවට පත්වීමයි.
ආදරයට වසරක් සපිරෙද්දී ඔහු විවාහ වූහ. ඒ දෙපාර්ශ්වයේම ආශිර්වාද මධ්‍යයේ ය.
විවාහ වී කලක් ගත වෙද්දී එම කැදැල්ලට දියණියක්ද ලැබුණි. එතැන් පටන් අනුර තම දියණියට සහ බිරිඳට දැඩි ලෙස ආදරය කළේය. එලෙස කලක් ගතවෙද්දි රුවනි වෙනස් වන්නට පටන් ගත්තාය. ඇයට අනුරගේ ආදරය අඩුවක් පෙනෙන්නට විය.
එහෙත් අනුර කිසිම විදිහකින් තම බිරිඳට සහ දියණියට වංචාවක් නොකළේය.
එහෙත් කලක් යද්දී එම කුටුම්භය තුළ විවිධ ගැටුම් ඇතිවිය. ඒ සියල්ලම පටන් ගත්තේ රුවනි විසින්ය.
හැලහැප්පීම් මැද වුවද ඔවුහු සමාජයට පෙනෙන්න පවුල් ජීවිතයක් ගත කළහ. දහස් වාරයක් අනුර සිතින් දුක් වින්දේය.
එහෙත් ඔහු ඒ සියල්ල විඳ දරා ගත්තේ තම ආදරණීය දියණිය නිසාය.
ගුරුවරියක වීමට සිහින මැවුවත් රුවනිට එය කරගත නොහැකි විය. එහෙත් ඇය උත්සාහය අත්හැරියේ නැත. තම අහල පහල සිසුන්ට ඇය පෞද්ගලික පන්ති පැවැත්තුවාය.
කලක් යද්දී එම ප‍්‍රදේශයේ ටියුෂන් ගුරුවරියක් ලෙස ඇය ප‍්‍රසිද්ධියට පත් වූවාය.
රශ්මි මාතර වැලිගම ප‍්‍රදේශයේ පාසල් සිසුවෙකි. වයස අවුරුදු 14ක් වන ඔහු එම ප‍්‍රදේශයේම පාසලක ඉගෙනුම ලැබුවේ. වයස අවුරුදු දාහතරක් වුවත් ඔහුට අවුරුදු 18 ක තරුණයෙකුගේ පෙනුම තිබුණි.
රශ්මි ගණිතය ඉගෙන ගැනීම සඳහා රුවනිගේ උපකාර පන්තියට සහභාගි විය. රශ්මි දුටු දිනම රුවනි ගේ සිතේ ඔහු ගැන අමුතු හැඟීමක් ඇති වූවාය. ඒ අනුව උපකාර පන්තියේ දී පවා ඇය ඔහුට විශේෂ සැලකිල්ලක් දැක්වූවාය. රශ්මිට ද එය හොඳින් තේරුණි.
එලෙස සති කිහිපයක් ගත විය. රුවනිට රශ්මිව අමතක කිරීමට නොහැකි වූවාය. ඇගේ සිතේ රශ්මි ගැන අමුතු ආදරයක් උපන්නාය. ඇය තම දියණිය පවා අමතක කර රශ්මි ගැන සිතුවාය.
රාගය සහ ආදරය ඇයට පාලනය කරගත නොහැකි වූවාය.
දිනක් ඇය රශ්මිට මෙසේ පැවසුවාය.

රශ්මි මට ඔයත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න ඕනා.
ඒ මොකද්ද ටීචර්.
ඒක මෙහෙම කියන්න බෑ. ඔයාව පෞද්ගලිකව හම්බවෙලා කියන්න ඕන.
එහෙමද කොහෙද අපි හම්බ වෙන්නේ.
ඔයාට පුළුවන්ද හෙට මාතර ටවුන් එකට එන්න.
පුළුවන් ටීචර් මම එන්නම් කීයටද එන්න ඕනා.
ඔයා 10 වෙනකොට එන්න. මමත් එන්නම් හැබැයි මේ ගැන කාටවත් කියන්න එපා.
නැහැ ටීචර් මම කාටවත් කියන්නේ නෑ මම එන්නම් මාව විශ්වාස කරන්න.
හරි එහෙනම් ඔයා දැන් යන්න අපි හෙට හම්බ වෙමු.
ඉන් පසු දෙදෙනා වෙන්වූහ. පසු දින උදාවිය. රුවනි සහ රශ්මි කතා කරගත් පරිදි මාතර නගරයේ දී මුණ ගැසුන. ඉන් පසු දෙදෙනා මුහුදු වෙරළ දෙසට පිය නැගූහ. ඒ නිදහසේ කථා කිරීම සඳහාය. වෙරළ අයිනේ නිදහස් තැනක් තෝරා ගත් ඔහු මෙලෙස කතාබස් කළහ.
රශ්මි මම ඔයාට වැදගත් දෙයක් කියන්න කතා කරේ.
ඒ මොකද්ද ටීචර්.
මම මේක ඔයාට කියන්න හිටියේ සති ගණනක ඉඳන්. මම ජීවිතේ ගොඩක් දුක් විඳිනවා. මගේ හස්බන්ඞ් මට ආදරේ නෑ. ඒත් මම ඔයාව දැක්ක දවසෙ ඉඳලම ඔයා ගැන අමුතු හැඟීමක් මගේ සිතේ පහළ වුණා. මම ඒක කියා ගන්න බැරුව ළත වුණා. ඒත් තව ඉවසන් ඉන්න බෑ. මම අද ඒක ඔයාට කියන්නම්.
කියන්න ටීචර් ඕන දෙයක්. මට පුළුවන් ඕනම දෙයක් කරනවා ටීචර් වෙනුවෙන්.
ඔයා එක දෙයයි මං වෙනුවෙන් කරන්න ඕනා.
ඒ මොකක්ද ටීචර්
මම ඔයාට ආදරෙයි. ඔයත් මට ආදරේ කරන්න.
එලෙස පවසා ඇය රශ්මිගේ අත්දෙක තරයේ ග‍්‍රහණය කර ගත්තාය. එක්වරම සිදුවන්නේ කුමක්ද කියා රශ්මිට අවබෝධ කරගත නොහැකි විය. එහෙත් ටීචර් තමාට ආදරේ බව ඔහු දැන ගත්තේය. රශ්මි ද පෙරළා ටීචර්ට ආදරය ප‍්‍රකාශ කළේය.
එතැන් සිට අවුරුදු විසිහතක් වයසැති රුවනි සහ අවුරුදු 14ක් වයසැති රශ්මි ආදර සම්බන්ධයක් ඇතිවිය.
තම දියණිය ගැන ද නොසිතා රුවනි රශ්මිට ආදරය කරන්න පටන් ගත්තාය. ලද සෑම මොහොතකම දෙදෙනා පෙම් සුව වින්දූහ.
එලෙස මාස කීපයක් ගත විය. රුවනි රශ්මිට යෝජනාවක් ගෙනාවේය. ඒ දෙදෙනා නිවෙස්වලින් පැන ගොස් වෙනම ජීවත් වීමටයි. නව යෞවන වයසේ සිටි රශ්මි ද එයට එක පයින්ම කැමැති වූයේය.
ඒ අනුව ඔවුහු ඒ සඳහා දිනයක් යොදා ගත්හ. ඒ පසුගිය 6 වැනිදාය. නියමිත දිනය උදා විය. රශ්මි තම මවගේ රත්තරන් බඩු ද රැගෙන රුවනි කියූ ස්ථානයට පැමිණියේය.
රුවනිද තම අවුරුදු දෙකක් වයසැති දියණිය සහ ස්වාමි පුරුෂයා අතහැර දමා එම ස්ථානයට පැමිණියාය. ඉන් පසු දෙදෙනා නුවර බලා ගමන් කළහ. ඒ අලූත් පවුල් ජීවිතයක් ගත කිරීම සඳහාය.
රශ්මි නිවසට නොපැමිණි නිසා දෙමව්පියෝ ඔහු ගැන සොයා බැලූහ. එවිට දැනගන්නට ලැබුණේ ඔහුට ගණිතය උගන්වන ගුරුවරිය සමග රශ්මි ප‍්‍රශ්න පැන ගොස් ඇති බවයි. එම දෙමවුපියන්ගේ ඉහමොළ රත්විය. හරියට දැලි රැවුලවත් වැවී නැති තම පුතාව රවටා ගත් ගුරුවරිය ගැන ඔවුන්ගේ සිතේ වෛරයක් ඉපදුනේය.
ඔවුනට කරන්නේ කුමක්දැයි කියා එක් වරම සිතා ගැනීමට නොහැකි විය. තවත් මෙම සිද්ධිය සමාජයෙන් වසන් කරගෙන කරගෙන සිටීමට නොහැකිය. එම නිසා නීතියේ පිහිට පැතිය යුතුය. ඒ අනුව වැලිගම පොලීසියට ගොස් මේ පිළිබඳව පැමිණිලි කළේය.
පැමිණිල්ලට අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීහු මෙම සැකකාර ගුරුවරිය සිසුවා නුවරඑළිය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්හ.
අනුරාගයට ඇති ආශාව නිසා තම සිඟිති දියණිය සහ ස්වාමිපුරුෂයා අමතක කර අවුරුදු දාහතරක් වයසැති පාසල් සිසුවකු සමග පැන ගිය උපකාරක පන්ති පැවැත්තු ගුරුවරියට අවසානයේ සිදුවූයේ සමාජයෙන් පවා ගැරහුම් ලබා බන්ධනාගාර ගතවීමටයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!