Gossip

“මම මගේ ගේ ඉස්සරහ ඔලුවෙන් හිටගන්නවා උදේ අටේ ඉඳන් රෑ අට වෙනකං හෙලුවෙන්”

මුහුණුපොත හරහා කාලෙන් කාලෙට විවිධ කතා හුවමාරු වෙනවා.
ඒ විදිහට මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙන කතාවක් තමයි කලාකරුවන් පිරිසක් යුද හමුදාවෙන් කලක් තිස්සේ අයථා අන්දමින් මාසික වැටුප් සහ දීමනා ඇතුළු වරප්‍රසාද ගත්තා කියන සිද්ධිය.

එම කලාකරුවන්ගේ නම් අතර සේනක විජේසිංහ, අර්ජුන කමලනාත් සහ ක්‍රිෂාන් එරන්ද, රජිත හිරාන්, ඕෂධී හේවාමද්දුම සහ ප්‍රවීණ ගායක සේනානායක වෙරලියද්දගේ නම්ද ඇතුලත්.
කොහොම වුුණත් මේ සිද්ධිය ගැන ප්‍රකාශයක් කරමින් රජිත හිරාන් මුහුණුපොතට වීඩියෝවක් එක්කර තිබුණා.
එහිදී ඔහු අභියෝගයක්ද කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ මෙම චෝදනාව ඔප්පු කළහොත් ඔහුගේ නිවස ඉදිරිපිට උදේ අටේ සිට සවස අටවනතෙක් හෙලුවෙන් ඔලුවෙන් සිටගන්නා බවයි.
රණවිරුවන්ට දෙයක් කරනවානම් ඒ කරන්නේ හදවතින් සහ භක්තියෙන් බවයි ඔහු පැවසුවේ.
ඒ වගේම අර්ජුන කමලනාත් තර්ජනාත්මක වීඩියෝවක්ද අන්තර්ජාලයට එක්කර තිබුුණා.
එහිදී ඔහු සඳහන් කර තිබුණේ ” මම වැඩ කළේ රට වෙනුවෙන්. මම මේ රටෙන් කීයක්වත් අරන් නෑ. මම රටට ණය නෑ.. රට මට ණයයි, මගෙන් ජීවත් වෙනවා මිනිස්සු. නැතිව මම කාගෙන්වත් ජීවත් වෙන්නේ නෑ.. අපි හොද සිංහලයෝ.. පෝස්ට් දාලා මාව ගෙදරට ගෙන්නගන්න හදන්න එපා’.නිදන් ඉන්න සිංහයන්ව ඇහැරවලා කනවෝ කනවෝ කියන්න එපා.” යනුවෙන්.

අදාල වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!