Gossip

“මම පාන් අරන් එන්න යනකොට කඩේ මනුස්සයා අපෝ අදත් මූසලයා ආවද කියලා එළවනවා” – සඳුන් පෙරේරා- Exclusive

තරුණ පරපුරේ ගායකයන් අතර ලොකු ජනප්‍රියත්වයක් ලබා සිටින ගායකයෙක් තමයි සදුන් පෙරේරා.
සඳුන් ආපු ගමන්මඟ ගැන දුක්බර සංවේදී කතාවක් මේ විදිහට හෙළි කරලා තිබුණා.

මේ එම කතාවයි.

“මම පොඩි කාලේ ඉඳන් අම්මත් එක්ක ළගින් ඉන්නේ.. මම මේවා කියන්නේ අපේ අම්මලා විඳපු වේදනාව ඒ දුක, ඒ බර, වේදනාව ආයේ කවදාවත් අම්මගේ කරට එන්න දෙන්නේ නෑ..
මට මේක හොදට මතකයි.. මම මේ කතාව කිසිම තැනක කියලා නෑ. මම පුංචි කාලේ ඉස්කෝලේ යන්න පාන්දර නැගිටිනවා.
නැගිටලා අම්මා මාව කඩේට යවනවා. අම්මා එතකං උයනවා.
මට උස නැහැ එච්චර.. මම කාණුවලින් පැනලා පාන් අරන් එන්න යනකොට කඩේ මනුස්සයා අපෝ අදත් මූසලයා ආවද කියලා එලවනවා.
අපිට ඒ කාලේ සල්ලි නෑ.. පොතට තමයි අපි බඩු ගත්තේ. පාන් බාගයක් අරන් එන්න යනකොට අපෝ මූසලයා අදත් ආවද කියලා අහනවා.
ඊට පස්සේ මම ඒ ණය ගෙවන්න ඉස්කෝලේ ළමයෙක්ගෙන් හරි රුපියල් 10 ක් හරි ඉල්ලගෙන ටෙෆියක් හරි අරගෙන ඊට පස්සේ තමයි කාඩ් එක දෙන්නේ.
අද මම මූසල නැහැ නේද කියලා අහනවා… එක දවසක් මම ඉස්කෝලේ ගිය වෙලාවක අපේ අම්මට ගහන්න හදලා තිබුණා ඒ මනුස්සයා. ණය ගෙව්වේ නෑ කියලා.
එදා මට ආපු කේන්තියට මම හිතාගත්තා ලංකාවේ යන්න පුළුවන් උපරිම තැනකට ගිහිල්ලා ඒ මිනිස්සු ඉස්සරහ මගේ වාහනේකින් ගිහින් මගේ අම්මව බස්සනවා කියලා.
අද ඒ මිනිස්සු හම්බවෙද්දි මට කියන්න ආඩම්බරයි අද ඒ මිනිස්සු අපිව දැකලා අඩනවා. මට කරන්න ඕන වුණේ ඒක. මොකද හිතක් පපුවක් නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා.
ඒත් අම්මා වගේ හිතක් පපුවක් තියෙන කෙනෙක් හම්බ වෙන්නේ නෑ.. මේ අම්මා ගොඩක් දුක් වින්දා. අපි ඉස්සර වේල් දෙකයි කන්නේ. මට හොදට මතකයි එයා කන්නේ නැතිව මට දීලා තියෙනවා.
මට අද අතට සල්ලියක් හම්බවුණාද මම කළේ අම්මට සතුටක් දීපු එක. මට හරිගියා. මම දිනුවා.. ඒ අම්මා හින්දා..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!