Gossip

මම අඳින පලඳින දේවලට කවුරු මොනවා කිව්වත් මම ගණන් ගන්නේ නැහැ.එහෙම අපිව කතාබහට ලක්කරන අයම තමයි අපිව කොපි කරන්නේ – ටීනා ෂනෙල්

පුංචි තිරයට එන්න හිතුණේ ඇයි?
මම ආසම චිත්‍රපටවල රඟපාන්න තමයි. ඒත් මිනිස්සු මාව පේන්න නැති වුණාම ඇයි මියුසික් වීඩියෝවල නැත්තේ? ඇයි ටෙලි ඩ්‍රාමාවල නැත්තේ කියලා නිතරම අහනවා. හැබැයි මම ලැබෙන හැම ටෙලි නාට්‍යයම භාර ගන්නෙත් නැහැ. ගැළපෙන ටෙලි නාට්‍ය පමණයි භාර ගන්නේ.

ටීනාට සිනමාව අතහැරෙන එකක් නැද්ද?
සිනමාව අතහරින්නේ නැහැ. සිනමාව පැත්තෙන් තමයි ඉස්සරහට යන්න කැමැති. නමුත් ශ්‍රී ලංකාවේ ළඟ ළඟ චිත්‍රපට කෙරෙන්නේ නැහැනේ. ඉන්දියාව වගේ රටක නම් ළඟ ළඟ චිත්‍රපට කෙරෙන නිසා චිත්‍රපටවලම විතරක් රඟපානවා කියන තීරණයේ ඉන්න තිබුණා. ඒත් ලංකාවේ එහෙම චිත්‍රපට හැදෙන්නේ නැහැනේ.

පුංචි තිරයට ඒමත් එක්ක ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ලැබෙන ප්‍රතිචාර හොඳයි. වෙනසක් නැහැ. හැබැයි ටෙලි නාට්‍යවල රඟපානකොට චිත්‍රපට අධ්‍යක්‍ෂවරු කැමැති නැහැ ඒ අයව චිත්‍රපටවලට ගන්න. එකම මූණවල් දකින්න මිනිස්සු කැමැති නැහැ කියලා. හැබැයි ඒකෙ ඇත්තකුත් තියෙනවා. එකම නිළිය හැම නාළිකාවකම ගොඩක් ටෙලි නාට්‍යවල ඉන්නවා දකිනකොට මිනිස්සු කැමැති නැහැනේ.ටීනා නිතරම මිනිසුන්ගේ කතාබහට ලක්වෙන චරිතයක්නේ.

හිතාමතාමද මෙහෙම කතාබහට ලක්වෙන්නේ?
මෙහෙමයි. මම එහෙම විශේෂයෙන් හිතලා කතාබහට ලක්වෙන දේවල් කරන්නේ නැහැ. මම දන්නේ නැහැ ඇයි මම කතාබහට ලක්වෙන්නේ කියලා.

ටීනා අඳින පලඳින දේ නිසා නේද විවිධ විවේචනවලට ලක්වෙන්නේ?
ඔව්, සමහරවිට මම අඳින පලඳින විධිය ඒකට හේතුවක් වෙන්න ඇති. මම මොඩ්ලර් කෙනෙක්. මගේ ෆිගර් එකේ අඩුපාඩු නැහැ. ඒ නිසා මට ඕන විධියට කොටට ඇඳගෙන යන්න පුළුවන්. මම අඳින පලඳින දේවලට කවුරු මොනවා කිව්වත් මම ගණන් ගන්නේ නැහැ.එහෙම අපිව කතාබහට ලක්කරන අයම තමයි අපිව කොපි කරන්නේ. ඇඳුම් ඩිසයින් කළේ කවුද? මේකප් කළේ කවුද කියලා හොයාගෙන ඒ තැන්වලට ගිහින් මේ විධියට මේකප් කරන්න මේ විධියට කොණ්ඩේ දාන්න කියලා කියන අයත් ඉන්නවා. ඒ නිසා මම හිතනවා එතැනදී මම අසාර්ථක නැහැ කියලා.

සිනමාවට අලුතෙන් ලැබුණු ආරාධනා මොනවාද?
බෙනට් රත්නායක මහත්තයාගේ අලුත් චිත්‍රපටයක වැඩ කළා. තවත් අලුත් චිත්‍රපටයකට ආරාධනා ලැබිලත් තියෙනවා. ඒ ගැන විස්තර ඉදිරියේදී කියන්නම්.

ටීනාගේ පෙනුමත් එක්ක රංගනයෙදි එක සීමාවකට කොටු වෙනවා කියලා හිතෙන්නේ නැද්ද?
මම හිතන්නේ මාව ටෙලි නාට්‍යයට ගන්න අධ්‍යක්‍ෂවරයා අතේ තමයි ඒක තියෙන්නේ. මට දෙන්නේ බටහිර පෙනුමට හුරු චරිතයක්ද ගැමි චරිතයක්ද කියන එක තීරණය කරන්නේ අධ්‍යක්‍ෂවරයා. ඔවුන් හිතනවා මට ගැළපෙන්නේ බටහිර පෙනුමට හුරු චරිත කියලා. මම ඉදිරියේදී බලාපොරොත්තුවෙන් ඉන්නවා වෙනස් චරිත කරන්න. ඒත් මට මාව මේ මේ චරිතයට ගන්න කියලා කියන්න බැහැනේ.

ටීනා දැන් රංගනයේ ලකුණක් වෙලාද?

ඒක දන්නේ මගේ ‌ප්‍රේක්ෂකයෝ. ඒ නිසා ඒක ගැන මට හරියටම උත්තරයක් දෙන්න බැහැ.

ඉස්සරහට කරන්න ඉන්න වැඩකටයුතු ගැනත් මතක් කරමු?
ඉදිරියේදී චිත්‍රපට සහ ටෙලි නාට්‍යවල වැඩ ආවොත් ඒවා කරගෙන ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!