Gossip

මන්ත්‍රී විමල් වීරවංශගේ දියණිය ආයෙමත් කරළියට – සා.පෙළ විභාගය දියණියට ලබාදුන් ඉරණම මෙන්න

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ දියණිය විමාශා විශ්වාදරී වීරවංශ ගැන පසුගිය කාලේ කතාවුණා.
ඒකට හේතුවුණේ විමල් වීරවංශ පසුගිය වසරේ ජනවාරි මස බන්ධනාගාර ගත කළ අවස්ථාවේදී එම නඩුව දිගින් දිගටම මාස 3 ක් පමණ ඔහුට ඇප නොලැබ සිටියදී දියණිය විමාශා විශ්වාදරී ක්ලාන්තව ඇදවැටීම.
මෙම සිදුවීමත් සමග ඒ අවස්ථාවේදී වීරවංශ මහතාගේ නීතීඥයින් පෙන්වා දුන්නේ ඇයට සාමාන්‍ය පෙළට පාඩම් කරන්නට මානසික තත්වය අවුල්ව ඇති බවත් එය සැකසීමට ඇප ලබා දෙන ලෙසත්ය.
කෙසේ වෙතත් පසුව විමල් වීරවංශට ඇප හිමිවුණා.
දැන් ආයෙමත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ දියණි ගැන කතාවෙන්න පටන් අරන්.
ඒකට හේතුව තමයි 2017 වසරේ දෙසැම්බරයේ පැවති සාමාන්‍යපෙල විභාගයට ඇය පෙනී සිටි අතර එම විභාගයේ ප‍්‍රතිඵල අනුව ඇය සියළු විෂයන් සදහා ‘ඒ’ සාමාර්ථ ලබාගෙන තිබීම.
ඇය කොළඹ විශාඛා විදුහලේ ඉගෙනුම ලැබුවා.
තම පියා සහ මව මාස තුනකට ආසන්න කාලයක් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ ඇය විභාගය සදහා සූදානම් වන කාලයේදීයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!