Gossip

මධූෂ් සහ අංගොඩ ලොක්කාගේ සගයෙක් වූ අතුරුගිරියේදී වෙඩි කෑ බණ්ඩාගේ කැරට්ටුව හෙළිවෙයි – මධූෂ්ගේ තාත්තාගේ අවමගුල් උත්සවයත් කරලා

පාතාල නායකයන්වන මාකඳුරේ මධූෂ් සහ අංගොඩ ලොක්කාගේ ප්‍රධාන සගෙයකු වන රණසිංහ ආරච්චිගේ අසිත හෙවත් බණ්ඩා නැමැත්තා ඊයේ බරපතල තුවාල ලැබුවා.

ඒ, අතුරුගිරිය – ඔරුවල වානේ සංස්ථා ක්‍රීඩාංගණය අසල මාර්ගයකදී අද දහවල් පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් අනතුරුවයි.

වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ අසිත හෙවත් බණ්ඩා මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

කප්පම් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් ඇති අතර, එහිදී සැකකරු නිලධාරීන් දෙසට පිස්තෝලයකින් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරීන්ගේ ප්‍රති ප්‍රහාර හමුවේ හිසට බරපතළ තුවාල සිදුවූ සැකකරු කොළඹ ජාතික රෝහල ඇතුළත් කෙරුණා.

32 හැවිරිදි සැකකරු පාතාල නායක මාකදුරේ මධූෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ සියලු සංවිධාන කටයුතු සිදුකළ තැනැත්තා බවට ද අනාවරණ වී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!