Gossip

“ඔබත් අයියත් අතර තිබ්බ අන්තිම හුස්ම අහසට යවනකොට… ඔය දෙන්නගෙ දරුවා කෑ ගහල ඇඬුවා” – ධනංජය සිරිවර්ධනගේ නෑනා අවසන් ගමන් යයි

ධනංජය සිරිවර්ධන හා මදුමාධව අරවින්දගේ වැඩිමහල් සහෝදරයාගේ බිරිඳ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ වකුගඩු රෝගයකට ප්‍රතිකාර ලබමින් සිටි අතරතුරයි.

ඉතින් සිය නෑනා ගැන මධුමාධව සහ ධනංජය සිරිවර්ධන අදහස් එක්කර තිබුණා.

යලි නොඑනා …. මයෙ නෑනා…. මේනා ! යනුවෙනුයි ධනංජය එක්කර තිබුණේ.

මදුමාධව අරවින්ද සිය නෑනා ගැන මෙලෙස සටහනක් එක්කර තිබුණා.

ලෝකේ තිබුන තවත් ආදරනීය නිමාවක්
මගේ අයියාගෙ බිරිද කියා දුන්සමු ගැනීමක්
කියන්නට දාහක් දේ ඇත…කිසිවක් නොකියමි.
වසර 16 දී අයියා මේනව බාර ගත්තා…
අන්තිම හුස්ම දක්වා ඇය එක්ක හුස්ම ගන්නව කියල….
මගේ රත්තරං අයියා ඒ පොරොන්දුව ඉටු කරා නන්ංගියෙ……..
ඔයා ටික ටික පෙනුම වෙනස් වෙනකොට උබේ මිනිහා ඒ දිරන නහරයක් ගානෙ හුස්ම ගත්තා….
මගේ අයියා i.c.u ඉන්නකොට ඩුබායි මම දුවගෙන යනකොට… අයියා එක්ක හුස්ම ගත්ත මගේ නෑනා….
සමාවෙන්න අපිට….
අපිට බැරි උනා … ඔයාව i.c.u එකෙන් හුස්ම එක්ක එලියට ගන්න…
නෑනට වකුගඩුවක් අරන් දුන්නට ඒ වකුගඩුව ටික කාලෙකින් නිහඩ උනා….
හිටපු රට , රැකියාව, මිතුරන්.නෑයන් නැතිකරගෙන මගේ අයියා උබ වෙනුවෙන් හුස්ම ගත්තා…
හැම දේම නැති වෙලත් අයියා උබ වෙනුවෙන් හුස්ම ගත්ත එකා මගේ අයියා ,ඒ අයියා ඔයාට අහින්සක රජෙක්….
ඊයේ ඒ අයියා බලා ඉදිද්දිම … ඔබ පන ඇදල ඇදල…. ඔබත් අයියත් අතර තිබ්බ අන්තිම හුස්ම අහසට යවනකොට… ඔය දෙන්නගෙ දරුවා කෑ ගහල ඇඩුව…
මීට වඩා මන් ලියන් නෑ…..
මගේ නංගියේ …. ඔයාව රැජිනක් කරන්න පුලුවන් විදිහට ඔයා ජීවත් උනාට… අපේ පවුලේ ආදරය අපි ඔය කකුල් දෙක ලග තිබ්බ.
පබලු මාලයක් මන් අන්තිමට ඔයාට දුන්න මේනා.. මගේ අයියගෙ ආත්ම ගවුරවය රැකගෙන ..නියම ගෑනියෙක් වගේ ජීවත් උනාට..
එහෙනම් අද බොරැල්ලෙ කනත්තෙදි
සුප්‍ රීම් අවමඟුල් ශාලාවෙදි……
සවස පහට…. අපි ඔබට යන්න දෙන්නම්….
ඔයා යන්න මගෙ නෑ නා…. අපිත් එනවා..

මදු මාදව අරවින්ද

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!