Gossip

මධූෂ්, අමල් සහ නදීමාල් 24 තෙක් රිමාන්ඩ් – අමල්ටයි නදීමාල්ටයි ඇප ඉල්ලන්න සූදානමක්?

ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායක මාකදුරේ මධූෂ් සහ ගායක අමල් පෙරේරා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු 31 දෙනා එළැඹෙන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඩුබායි අධිකරණය විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ එම සැකකරුවන් ඊයේ දිනයේ (14) අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි.

එමෙන්ම ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් ඔවුන්ගේ පවුලේ නීතිඥයා වන සහබ්දික වෙල්ලපීලි එරටට ගිය අතර ඊයේ දිනයේ අමල් පෙරේරා සහ නදීමාල්ව ඔහුට හමුවීමට හැකිවූ බවයි පැවසෙන්නේ.

එමෙන්ම මොවුන් දෙදෙනා වෙනුවෙන් ඇප ඇයැදුමක් ඉදිරිපත් කෙරෙන බවටද වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!