Gossip

“මධූෂ්ව මට හඳුන්වලා දුන්නේ අමල් ” – පැය 18ක ප්‍රශ්න කිරීමකින් පසු රංගන ශිල්පී රයන් මාධ්‍යයට කියපු දේ

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කෙරුණු රංගන ශිල්පී රයන් වැන් රොයන් ඊයේ දිනයේ ලංකාවට පැමිණියා.

ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැය 18කට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ සඳහා වැලිගම පොලිසියට භාර දී තිබෙනවා.

රයන් වැන් රොයන්ව මෙලෙස අත්අඩංගුවට ගත්තේ වැලිගම – මිරිස්ස ප්‍රදේශයේදී සොයාගත් ඔහු භාවිත කළ බවට හෙළිවූ මෝටර් රථය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ සඳහායි. පරීක්ෂණවලින් අනතුරුව ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම පාතාල නායක මාකඳුරේ මධූෂ් රයන්ට හඳුන්වා දී ඇත්තේ ගායන ශිල්පි අමල් පෙරේරා බව ප්‍රශ්න කිරීම්වලදී ඔහු අනාවරණය කර තිබෙනවා. මීට පෙර ඩුබායි හි පැවති ප්‍රසංගයකදී අමල් පෙරේරා විසින් තමන්ට මාකඳුරේ මධූෂ් හඳුන්වා දුන් බවයි ඔහු පවසා ඇත්තේ.

රයන් වැන් රොයන් සමග අත්අඩංගුවට ගත් අනෙකුත් සිවුදෙනා තවදුරටත් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව භාරයේ පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!