Gossip

මධුෂ් ගෙන්වා ගැනීම ගැන කතා කරන්න ඇමති තිලක් මාරපන ඩුබායි යයි

ඩුබායි හි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකදුරේ මදූෂ් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පිටත්ව ගොස් තිබෙනවා.

මෙහිදී විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ලිපියක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් කලීෆා බින් සෙයිඞ් වෙත ලබාදීම සඳහා එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වෙත භාරදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. නමුත් අදාල ලිපියේ අඩංගු කරුණු හෙලි කර නැහැ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකුද අමාත්‍යවරයා සමඟ ගොස් ඇති අතර ඔවුන් ඊයේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය අන්වර් බින් මොහොමඞ් හමු වී ඇති බවට වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!