Gossip

මට ගැළපෙන සහකරුවෙක් තවම මම හොයාගෙන නැහැ – චූලක්ෂි රණතුංග

“දේදුණු ආකාසේ” චිත්‍රපටය හරහා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් චුලක්ෂි රණතුංග මේ දවස්වල වැඩි වෙලාවක් ගත කරන්නේ සමාජ සත්කාරක වැඩසටහන් එක්කලු. ඉතින් මේ ගැන ඇය පුවත්පතක් සමග කියා තිබුණේ මේ විදියට.

චුලක්ෂි පසුගියදා තවත් සමාජ සත්කාර වැඩසටහනකට සම්බන්ධ වුණා නේද?
ඔව්. 2014 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ දිනා ගත්තේ මමයි. මිස් ශ්‍රී ලංකා කියන තරගාවලියේ මූලික තේමාව වෙන්නේ ලස්සන සහ සමාජ සත්කාරක භාවය (Beautiful with the purpose) කියන එකයි. ඒ කියන්නේ තමන්ගේ සුන්දරත්වය පාවිච්චි කරලා අපි කොහොමද සමාජ සත්කාරක වැඩසටහන් වලට යොමු වෙන්නේ කියන එක. මම මිස් ශ්‍රී ලංකා තරගාවලිය ලංකාවේ පැවැත්වෙනකොට පටන් ගත්ත ව්‍යාපෘතිය තමයි ආබාධිත දරුවෝ මානසිකව වැටුණ වෙලාවට ඒ ළමයින්ව ධෛර්යමත් කිරීමට අපිට කරන්න පුළුවන් වැඩසටහන් සංවිධානය කරන එක. පසුගියදාත් මම එවැනි සමාජ සත්කාරක වැඩසටහනකට සම්බන්ධ වුණා. විවිධ වෙබ් අඩවි වලින් ඒක මම තනිවම කරපු වැඩසටහනක් විදිහට සඳහන් කරලා තිබුණා. නමුත් ඇත්තටම ඒ වැඩසටහන පිටුපස ඉන්න දැවැන්තම පුද්ගලයා මම නමෛයි. එහි පිටුපස ඉඳගෙන විශාල කාර්ය භාරයක් ඉටු කළේ වෛද්‍යවරයෙක්.

සමහරු මේ වගේ සමාජ සත්කාරක වැඩසටහන් කරන්නේ ප්‍රසිද්ධිය බලාගෙනයි. චුලක්ෂිගේ හිතෙත් ඒ වගේ අරමුණක් තියෙනවද?
අපි ඇත්තටම සමාජයට සේවයක් කරන්න ඕනේ ෆේස්බුක් වලින් හෝ අන්තර්ජාලය හරහා හෝ ප්‍රසිද්ධ වෙන්න බලාගෙන නෙවෙයි. ප්‍රසිද්ධ චරිත විදියට අපි මේ වගේ වැඩසටහන් කරන්න ඕනේ සමාජයට පණිවුඩයක් ලබා දෙන්නයි. ඒ නිසා මම දායක වුණු සමාජ සත්කාරක වැඩසටහන්වල නම් ගම්වත් කියන්න මම කැමති නැහැ.

“දේදුණු ආකාසේ” චිත්‍රපටයෙන් නිළියක් විදිහට ඔබ ජනප්‍රිය වුණාට ඊට පස්සේ ඔබගේ රඟපෑම් වැඩිපුර දකින්න නොලැබුණේ ඇයි?
මට හොඳයි කියලා හිතෙන නිර්මාණ විතරයි මම භාරගන්නේ. අලුත් නිර්මාණ දෙකක වැඩ මම මේ වෙනකොට භාරගෙන තියෙනවා. මේ වෙනකොට ඒවායේ පුහුණුවීම් කටයුතුත් මේ දිනවල කරගෙන යනවා. ඒ හැරුණාම නිරූපණ කටයුතුත් එක්කයි මේ දවස්වල මම කාර්ය බහුල වෙලා ඉන්නේ. මගේ ලොකුම ආසාව සිනමාව පැත්තෙන් ඉදිරියට යන එකයි.

චුලක්ෂිට හිතෙන්නේ නැද්ද දැන් විවාහ වෙන්න කාලය හරි කියලා?
මට ගැළපෙන සහකරුවෙක් තවම මම හොයාගෙන නැහැ. සුදුසු කෙනා හම්බ වුණාට පස්සේ අනිවාර්යයෙන්ම මගේ විවාහය සිද්ධ වේවි.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!