Gossip

”මට කොරෝනා රෝගය හැදුනා. ඒ නිසා මට තේරුම් ගන්න පුළුවන් ඒ රෝගය හැදුණු මිනිස්සු මොන වගේ තත්ත්වයකට පත් වුණාද කියලා.” “ස්වභාව ධර්මයට මුල් තැන දිය යුතුයි”: කොරෝනා වෛරසයෙන් ගැලවුණු චාල්ස් කුමරු කියන කතාව..

තමන් කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් අනතුරුව “ඉතා පහසුවෙන් ඉන් මිදීමට හැකි වූ” බව බ්‍රිතාන්‍ය රජ පවුලේ චාල්ස් කුමරු පවසයි. ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූයේ පසුගිය මාර්තු මාසයේ දී ය.

ඉන් අනතුරුව ස්වයං නිරෝධායනයට ලක්වූ 71 හැවිරිදි චාල්ස් කුමරුට බරපතළ රෝග ලක්ෂණ මතු වූයේ නැත.

“මම මෙතැනදි වාසනාවන්ත වුණා… ඒත් මට රෝගය හැදුනා. ඒ නිසා මට තේරුම් ගන්න පුළුවන් ඒ රෝගය හැදුණු මිනිස්සු මොන වගේ තත්ත්වයකට පත් වුණාද කියලා.” චාල්ස් කුමරු ස්කයි පුවත් සේවයට ප්‍රකාශ කළේය.

covid 19 රෝගය වැළඳීම හේතුවෙන් පවුලේ ඥාතීන් හෝ මිතුරන් අහිමි වූ අයට චාල්ස් කුමරු සිය සංවේගය පළ කළේය.

“තමන් ආදරය කළ අය අහිමි වූ සහ ඒ අවස්ථාවේදී ඔවුන් සමග සිටීමට නොහැකි වූ අය ගැන මට හොඳින් දැනෙනවා. මට දැනෙන විදියට ඒක තමයි දරුණුම දේ” චාල්ස් කුමරු පැවසීය.

“නමුත් තවත් බොහෝ පිරිසකට මේ තත්ත්වය උදා වීම වැලැක්විය යුතු නිසා මම අධිෂ්ඨාන කරගත්තා කෙසේ හෝ එය දරාගන්න.”

ඔටුන්න හිමි කුමරු ස්වයං නිරෝධායනයට ලක්වී සිටි දින හතක් ඇතුළත සුවපත් විය.

ඔහුගේ බිරිඳ වන හැත්තෑ දෙහැවිරිදි Cornwall ආදිපාදවරිය ද වෛද්‍ය පරීක්ෂාවට ලක් කෙරුණු අතර ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු විය.

චාල්ස් කුමරු හා කැමිලා පාකර් ආදිපාදවරිය Balmoral මන්දිරයේ ස්වයං හුදකලාවී සිටින බවට එවකට නිවේදනය කෙරිණි.

චාල්ස් කුමරු හා කැමිලා

sky පුවත් සේවය සමග පැවති සාකච්ඡාවේදී චාල්ස් කුමරු තවදුරටත් කියා සිටියේ “විශ්වාස කළ නොහැකි මෙම අභියෝගාත්මක කාලයට සියලු දෙනා මුහුණ දුන් ආකාරය ගැන තමන් කොයිතරම් සානුකම්පික වූයේ ද යන්න” වචනයෙන් විස්තර කළ නොහැකි බවය.

නමුත් තමන් ලැබූ අත්දැකීම නිසා, ස්වභාවධර්මය අපගේ “ආර්ථිකයේ කේන්ද්‍රයට” නැවත පැමිණිය යුතු බව හඬ ගා කියන්නට සහ ඒ වෙනුවෙන් යමක් කරන්නට තමන් තව තවත් අධිෂ්ඨානශීලී වූ බව චාල්ස් කුමරු අවධාරණය කළේය.

“හෙටක් කියා දවසක් නැති ගානට අපි මේ ස්වභාව ධර්මය කොන් කරල තිබුණා ඒක අවභාවිතය කළා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියලා හිතුවා.”

ඔහු තවදුරටත් කියා සිටියේ මෙම වසංගතයෙන් යමක් ඉගෙන නොගතහොත් අනාගතයේ දී මෙවැනිම තර්ජනයකට මුහුණ දීමට සිදු වනු ඇති බවය.

“ස්වභාවික ලෝකය දියකර හරින තරමට, ජෛව විවිධත්වය විනාශ කරන තරමට මේ වගේ අනතුරු වලට අප තව තවත් මුහුණ දෙනවා.”

“අපි ඉබෝලා, සාර්ස් වැනි බොහෝ වසංගත වලට මුහුණ දුන්නා. කවුද දන්නේ තව මොනව සිද්ධ වෙයිද කියලා ඉදිරියේදී. මේ හැම දෙයක්ම ජෛව විවිධත්වය අහිමිවීමට සම්බන්ධකම් කියනවා. ඒ නිසා, සොබාදහම නැවතත් කේන්ද්‍ර ගත කරන මාර්ගයක් අපි මෙවර සොයා ගත යුතුයි.” බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු තවදුරටත් පැවසීය.

පසුගිය මාර්තු මාසයේදී චාල්ස් කුමරුට පමණක් නොව අගමැති බොරිස් ජොන්සන් ටද කොරෝනා වයිරසය ආසාදනය විය.

බොරිස් ජොන්සන් අගමැතිවරයා රෝහල්ගත කිරීමට සිදු වූ අතර ඔහු අධිසත්කාර ඒකකයේ ද ප්‍රතිකාර ලැබීය.

BBC.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!