Gossip

මට ක්‍රිකට් එපා වුණේ තිසර පෙරේරා සහ ඔහුගේ බිරිඳ නිසයි.. – ෂෙහාන් ජයසූරිය

ක්‍රිකට් ක්‍රීඩකයින් වන තිසර පෙරේරා සහ ෂෙහාන් ජයසූරිය අතර හටගෙන ඇති සීතල යුද්ධය මේ වනවිට තියුණු මුහුණුවරක් ගෙන තිබෙනවා.
ඒ මෙම ක්‍රීඩකයින් දෙදෙනා සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ එකිනෙනාට එල්ල කරගන්නා චෝදනා හේතුවෙන්.
පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියට සමු දී අමෙරිකාව බලා පිටත්ව ගිය ෂෙහාන් ජයසූරිය ඊයේ (17) මෙරට ප්‍රධාන පුවත්පතක් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් චෝදනා කළේ තමන්ට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් එපාවීමට තිසර පෙරේරා සහ ඔහුගේ බිරිඳද වගකිව යුතු බවටයි.
කෙසේ වෙතත් ඊට පිළිතුරු ලබා දෙමින් තිසර පෙරේරා සිය නිල ෆේස් බුක් ගිණුමට විශේෂ සටහනක් ඊයේ එක්කර තිබූ අතර එහි දැක්වුණේ 2017 වසරේ ඩුබායි තරඟ සංචාරය අතරතුර ෂෙහාන් ජයසූරිය ඔහුගේ දෙවනි බිරිඳ එම සංචාරයට රැගෙන ඇවිත් ඇයව ඔහුගේ කාමරයේ නවාතැන් ගැනීමට ක්‍රිකට් කළමනාකාරීත්වයෙන් අවසර ඉල්ලූ බවයි.
කෙසේ වෙතත් තිසරගේ මෙම පිළිතුරු සටහනෙන් පසු ඊට ප්‍රති පිළිතුරු සපයන්නට ෂෙහාන් ජයසූරිය මේ වනවිට කටයුතු කර තිබෙනවා.
ඒ ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින්.
ෂෙහාන් ජයසූරිය සිය නිල ෆේස්බුක් ගිණුමට එක්කර තිබුනේ මෙවැනි සටහනක්..
“තිසර පෙරේරා කියන එක්කෙනා මං ටුවර් යද්දී කැප්ටන් වෙලා ඉඳලා නැහැ. මේ කියන ටුවර් එකේ කැප්ටන් කළේ ඇන්ජලෝ අයියා. ඒක නිසා තමයි මාවයි අන්ජි අයියාවයි කොටවන්න බැලුවේ. ඉතිං ඇන්ජි අයියා හොඳ නිසා හොඳයි. එයා මට සහෝදරයෙක් වගේ අද වෙනකම් උදව් කරනවා. මෙයාට අමතකයි මෙයා කියන ටුවර් එකේ ඔහු කැප්ටන් නෙවෙයි කියලා. එතැනින්ම මොහු කියන්නේ බොරුවක් කියලා ඔබලාට හිතාගන්න පුළුවන්. අවුරුද්දත් 2018, 2017 නෙවෙයි. ඒෂියන් කප් 2018. කමක් නැහැ ඉතිං කැප්ටන් කරන්න මෙයා හුගාක් ආස නිසා… මං කණ්ඩායමේ කළමණාකරුගෙන් ඇහුවාලු රූම් එකට ගේන්න. හිහිහි… මේගොල්ලෝ තමයි කළමණාකාරුට බොරුවට කියලා තිබුණේ මගේ ගර්ල් මගේ රූම් එකේ ඉන්නවා කියලා. ඒ වගේ චීත්ත වැඩ තමයි මේ සීනියර් කියන එක්කෙනයි, එයාගේ වයිෆුයි කරන්නේ.. ඊට පස්සේ මේ දෙන්නාම මීඩියා එකට කියලා තිබ්බා මගේ ගර්ල් මගේ රූම් එකේ හිටියා කියලා.. අනිත් කාරණාව තමයි ඩ්‍රසිං රූම් එකක් ගැන මං කොයි වෙලාවේවත් සටහනක් දාලා නොමැති බවත් අපි උදේ කෑම ගන්න තැන එනම් හෝටලයේදී තමා එහෙම සිද්ධියක් වුණේ…
තව ද මොහු සඳහන් කරලා තියෙනවා විනය තමා අංක එක කියලා… මම ද එය පිළිගන්නවා මම ක්‍රිකට් ගහපු අවුරුදු 5ට මට කිසිම විනය කඩකිරීමේ වරදක් දැනුම්දී නොමැති බවත් මට මෙතැනදී කියන්න ඕනේ…
මොහු කියනවා දක්ෂතාවය මතලු සේරම රැඳි සිටින්නේ. මා මෙපමණ දුරක් පැමිණියේ මගේ දක්ෂතාවයෙන් වන අතර නැතුව මා කාගෙන්වත් පස්සේ ගිහින් මිනිස්ටර්ලාට කේක් ගෙනින් දීලා නොවන බව කරුණාවෙන් මතක් කර දෙන්න ඕනේ…
සහෝදරයා කියලා කිහිප වතාවක් කියලා තිබ්බා… මගේ මුහුණ බලලා හිනා වෙලාවත්, කතා කරලාත් නෑ මේ අවුරුදු 5ටම… මං කියන දේ බොරුවක් නම් අනිත් ක්‍රීඩකයින්ගෙන් අහලා දැන ගන්න පුළුවන්..
මා මෙම දේවල් කියන්නේ මිනිසුන්ට දැන ගන්න මිසක් වෙන කිසි හේතුවක් නොවන බවත්, මා මේ පෝස්ට් එක දාන්නේ මොහු වැරදි දේවල් මීඩියා එකට කියා තිබෙන නිසාත් බව කරුණාවෙන් සලකන්න…”
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!