තරු හුට පට

මගේ වැඩේ ළඟදීම දකින්න ලැබෙයි…

නදී චන්ද්‍රසේකර කියන්නේ ඔයාලා අපි කවුරුත් දන්න ලංකාවේ ඉන්න ජනප්‍රිය  නිළියක්නේ.

ඉතින් නදී පසුගිය දවස්වල පේන්න හිටිය නැති නිසා අපි කතා කරලා ටිකක් හොයලා බැලුවා එයා ගැන.

ඉතින් අපි  නදීගෙන් ඇහුවා මොකද පහුගිය දවස්වල පෙන්නේ හිටියේ නැත්තේ කියලා.

එතකොට නදී  අපිත් එක්ක කිව්වේ පසුගිය දිනවල ” ලා සඳ පාමුල ” කියලා ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කළා කියලයි.

ඒ වේලාවේ නදී අපිත් එක්ක මෙහෙමත් කිව්වා ” මං ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙච්ච ටෙලි නාට්‍යයවල රඟපාල ති‍‍යෙනවා‍.ඒ වගේම ගොඩක් දක්ෂ ප්‍රවීණ නළු නිළියන් එක්කත් රඟපාල තියෙනවා.ඒක නිසා මට හිතුනා ඒ ප්‍රවීණ නළු නිළීයන්වත් එකතු කරගෙන ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න. මොකද මගේ විවාහයෙන් පස්සේ වැඩිය මම පේන්නත් හිටියේත් නැහැනේ ඒක  නිසා මට ආදයර කරන මගේ ප්‍රේක්ෂකයන්ටත් ලොකු පිටුවහලක් වෙනවා මේ ටෙලි නාට්‍යය. ඉතින් ” ලා සඳ පාමුල ” තව නොබෝ දිනකින් ප්‍රේක්ෂකයන්ට බලාගන්නත්  පුළුවන් වෙයි”

සාහිත්‍යධරයෙක් වටා ගෙතුණ  “ලා සඳ පාමුල”  ටෙලි නාට්‍යට ප්‍රේක්ෂකයින් අතර හොඳ නමක් දිනා ගන්නත්  පුළුවන් වෙයි කියලයි නදී අපිටනම් කිව්වේ.

ඒ මොකද දන්නවාද ලූෂන් බුලත්සිංහල , ඩබ්ලිව්.ජයසිරි, හේමසිරි ලියනගේ, චමිලා අත්තනායක, රොඩ්නි වරණකුලසූරිය, උදේනී  අල්විස් යන ප්‍රවීණ සහ ජනප්‍රිය නළු නිලියන් පිරිසක් මේ නාට්‍යයට රංගනයෙන් දායක  වුණ නිසාලු.

ඉතින් මේකේ තියන විශේෂත්වය මොකක්ද දන්නවාද මේ නාට්‍යය ඉන්න ප්‍රවීණ  නළු නිලියන්  මෑතකදී එකට රඟපාපු  එකම  ටෙලි  නාට්‍යය “ලා සඳ පාමුල” ටෙලි නාට්‍යය වීමයි.

 

 

 

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!