Gossip

“මගේ කේන්දරේ තියෙන්නේ ගෙදර අල්මාරියේ.. මම විවාහ වෙන්නේ හඳහන බලලා නෙවෙයි”

රුක්ෂාන දිසානායක කියන්නේ සිය රංගන හැකියාවෙන් රසික හදවත් ආදරයෙන් වැළඳගත් නිළියක්.
ඇයගේ අලුත්ම තොරතුරු ගැන සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

ඔබේ කේන්දරේ
ගෙදර අල්මාරියේ බොහොම සුරක්‍ෂිතව තියෙනවා. වැඩිය එළියට ගන්නෙ නෑ. ඒක මම වෙනුවෙන් හැදුවෙ ඇයි කියන එකත් මට ප‍්‍රශ්නයක්.
මොකද අම්මයි තාත්තයි දෙන්නම කේන්දර ගැන වැඩි විශ්වාසයක් නෑ.

ඒ ගැන මොකද හිතෙන්නෙ..?
මම කේන්දරේට ලොකු ඉඩක් දෙන කෙනෙක් නෙමෙයි. හැබැයි බැහැර කරලම වැඩ කරන්නෙත් නෑ. සියයට පනහක විතර විශ්වාසයක් තමයි හඳහන ගැන තියෙන්නෙ.

ප‍්‍රයෝජනයට ගන්නෙ මොන වෙලාවටද..? 
අපේ ගෙදර අම්ම – තාත්ත – මල්ලි – මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල තිබුණා.

අපල කාල ගැන විශ්වාස කරනවද..?
මට නම් හැමදාම අපල කියල තමයි මම හිතන්නෙ. කිසිම හොඳක් නෑ. සීයක් දේවල් වැරදිලා තමයි එක දෙයක් හරියන්නෙ. ඒ නිසා අපල කාල මග හැරල ජීවත් වෙන්න කැමතියි.

නැකැත් අනුගමනය කරනවද
සිංහල අලූත් අවුරුද්ද දවසට ලිපිගිනි මෙලවීම ආහාර අනුභවය වගේ නැකැත් අපේ ගෙදර පුරුද්දක් වශයෙන් එදා ඉඳල සිදුකෙරෙනවා. ඒ ඇරෙන්න නැකතට වැඩකරනවා අඩුයි.

දෙවියන් බුදුන් ගැන තියෙන විශ්වාසය
මම බුද්ධාගමේ. හැමදාම ගෙදරින් එළියට යන්න කලින් බුදුහාමුදුරුවන්ට මල් පහන් පූජා කරල වැඳල දෙවියන්ට පිං දෙනවා. විශේෂයෙන්ම මම සරස්වතී මෑණියන්ටයි ගණදෙවියන්ටයි පිං අනුමෝදන් කරනවා.

පුද පූජා ශාන්තිකර්මවලට දෙන නැත
බහිරව පූජා – තොවිල් – යන්තර මන්තර ගුරුකම් ගැන කිසිම විශ්වාසයක් නෑ. ප‍්‍රශ්නයක් ආවම හිත සන්සුන් කරගන්න බෝධි පූජා පවත්වපු වෙලාවල් තියෙනවා සහ ඒකට මම ටිකක් කැමැතියි.

කේන්දරේ විශේෂයෙන් සඳහන් වූ දේවල්
බාගෙට බාගයක් බොරු. කියල තිබුණ දේවල්වල සේරම අනිත් පැත්ත තමයි සිද්ධ වෙන්නෙ.

නිළියක් වෙන බව එහි සඳහන් වුණාද
එහෙම නෑ. ඒත් මම පුංචි කාලෙ කේන්දරේ බලපු කෙනෙක් කියල තිබුණ කවදහරි කලාවට සම්බන්ධ වෙනව කියල. ඒක විතරයි මෙතෙක් ඇත්ත වුණ එකම අනාවැකිය.

කවද හරි විවාහ වෙන්නෙ
හඳහන බලල නෙමෙයි. හදවත බලල මාව වටින සහ තේරුම් ගන්න කෙනෙක්ව. කේන්දර බලල සහකාරයා ගලපනවාට වඩා ටිකක් ආශ‍්‍රය කරල ගලපගෙන ඉදිරියට යන්න පුළුවන් ද කියල හිතලා තමයි කා එක්ක වුණත් විවාහ වෙන්නෙ.

රාහු කාලයට බයද
පොඞ්ඩක්වත් නෑ. ඒක යෙදෙන්නෙ දවසෙ කොයි වෙලාවෙද කියල මෙතෙක් හොයලත් නෑ. ඉදිරියට හොයන්නෙත් නෑ.

සඳහන් විශේෂ යෝග
මුකුත්ම තියෙන්න නැතුව ඇති. මොකද විශේෂ දේවල් තිබුණනම් මේ ඉන්නවට වඩා ජීවිතේ විශේෂ වෙන්න ඕන නෙ.

සඳහන් වුණ අසුබ කාරණා
මම සම්බන්ධයෙන් එහි ලියැවුණු සියලූ කාරණා අසුබයි. සමහර විට ඒ කියපු දේවල් හඳහනට සුබ ඇති.

ලග්නය – වෘශ්චික
අවුරුද්දකට කීපාරක් කේන්දරේ බලනවද
එක පාරක්වත් බලන්නෙ නැති තරම්. ඕක බලල කවුරු හරි කෙනෙක් කියන අනවශ්‍ය දෙයක් ඔලූවට දාගෙන ලතවෙනවාට වඩා තමන්ගෙ ආත්ම විශ්වාසයට අනුව මට ඕන විදියටත් පහසු විදියටත් මගේ ඉලක්කයට අනුව මම වැඩකරනවා. ඉන් එහාට දෙයක් කේන්දරයෙන් මම බලාපොරොත්තු වෙන්න නෑ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!