Gossip

“මගෙයි බිරිඳගෙයි පවුල් ජීවිතයේ ප්‍රශ්න ඇති වෙලා.. බිරිඳ පොලිසියෙදි යකා නටලා කියලා” – ජනප්‍රිය නළු ධනංජයට ප්‍රහාරයක්

ධනංජය සිරිවර්ධන කියන්නේ අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පියෙක්.
පසුගිය දවසක ධනංජයගේ අන්තර්ජාලය නිසා අකරතැබ්බයකට මුහුණදෙන්න සිද්ධවෙලා.
ඒ ගැන සතිඅන්ත පුවත්පතකට ධනංජය මේ විදිහට කියලා තිබුණා.

සයිබර් අවකාශයේ අලුත්ම ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ ධනංජයට නේද?
ඒක තමයි. සයිබර් අවකාශය අරක් ගත්තු මානසික ලෙඩ්ඩු හින්දා මේ වගේ සිදුවීම්වලට මුහුණ දෙන්න කලාකරුවන්ට නිතරම සිදුවෙනවා. මේ වතාවේ ඒ දේ සිදු වෙලා තියෙන්නේ මටයි.

මොකක්ද ඒ සිදුවීම?
මගෙයි බිරිඳගෙයි පවුල් ජීවිතයේ ප්‍රශ්න ඇති වෙලා අපි ‍පොලීසියට ගිය බවත්, බිරිඳ ‍පොලීසියේදී යකා නැටූ බවත් සඳහන් පුවතක් එක්තරා අන්තර්ජාල ““Block”” එකක පළ කරලා. ඒක අමූලික බොරුවක්.

මේ විදියේ පුවතක් මතුවෙන්න හේතුව මොකක්ද?
ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නෙ. මමයි බිරිඳයි ගොඩාක් සතුටින් ආදරයෙන් ඉන්නවා. මේ දවස්වල මගේ චිත්‍රපටයක් සහ ටෙලි නාට්‍යය 5ක් විකාශය වෙනවා.
ඔය අතරේ මගේ “ප්‍රාණ” රංගන පාඨමාලා පන්තියත් සාර්ථකව පවත්වාගෙන යනවා. කෙනෙකුගේ සාර්ථකත්වය දකිද්දී ඒක දරාගන්න බැරි ලෙඩෙක් තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. විකෘති මානසික තත්ත්වයන්ගෙන් පෙළෙන මේ විදියේ අසහනකාරයෝ ජීවත්වෙන්නේ මේ වගේ වබේ අඩවිවලින් ලැබෙන සල්ලිවලටත් මගේ මේ පුවත Search කරන වාරයක් පාසා ඒ අයට මුදලක් ලැබෙනවා.
ඔවුන් බත් වේල කන්නේ ඒ මුදලින්. එහෙම හිතලා ඒ වගේ හිඟන චරිතවලට අනුකම්පා කරන එක තමයි කරන්න තියෙන්නේ.

ධනංජය අදාළ සිදුවීමට එරෙහිව නීතිමය පියවරත් ගත් බවයි ආරංචිය?
ඔව්. මම නීතිය ඉදිරියට ගියා. මම රංගන ශිල්පියෙක් වුණාට මගේ බිරිඳ සාමාන්‍ය ගැහැනියක්. ඈ හරි අහිංසකයි.
ඇගේ ඡායාරූප දාලා ඇයට කළ අපහාසය මට ඉවසන්න බැහැ. ඒ නිසයි මම නීතිය ඉදිරියට ගියේ. ඉදිරියේදී ඒ අයට ලැබිය යුතු දඬුවම් ලැබේවි.

සයිබර් අවකාශයේ ප්‍රහාරවලින් අද අපේ බොහෝ ජනප්‍රිය තරු බැට කනවා. ඒ හැමෝම අහන්නේ කියන්නේ අපි කුමක් කළ යුතුද කියලා?
ඒ නොදැනුවත් බව හින්දා ඒ අය නිහඬ වෙනවා. ඒ හින්දා මේ වගේ විකෘති මානසික තත්ත්වයෙන් පෙළෙන්නන් සයිබර් අවකාශයේ රජ කරනවා.
මේ වගේ දේවල්වලට එරෙහිව නීතිය ඉදිරියට යන්න පුළුවන්. මුලින්ම කළ යුත්තේ ළඟම ඇති ‍පොලීසියට පැමිණිලි කරලා අදාළ පුද්ගලයන් සෙවීම CID එකට භාරදෙන එකයි.
ඒ සමගම Cyber Crime එකටත් පැමිණිලි කළ යුතුයි. අදාළ පියවර ගැනීම ඉන් සිදුවනවා. මේ සිදුවීම පිටුපස සිටින අය ඉදිරියේදී රටටම දැනගන්න ලැබේවි.

උපුටා ගැනීම – ආරියවංශ කුලතිලක

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!