Gossip

මංගල තෑග්ගේ සැඟව සිටි මරුවා නිසා, මංගල උත්සවය අවමඟුලක් කරමින් මනාලයා අවසන් ගමන් යයි

මංගල උත්සවයකට ලැබුණු තෑග්ගක් පුපුරා ගොස් දෙදෙනෙකු මියගිය පුවතක් ගැන අපිට වාර්තා වුණා.
ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පැවැත්වුණු මංගල උත්සවයේදී සිදුවූ මේ පිපිරීමෙන් මියගොස් තිබෙන්නේ විවාහක පුද්ගලයා සහ ඔහුගේ මිත්තණියයි.
මියගිය පුද්ගලයාගේ බිරිඳද බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම විවාහ උත්සවය 18 වැනි දින පවත්වා ඇති අතර එහිදි ලැබුණු තෑගි පෙට්ටියක් විවෘත කිරීමට යාමේදී පිපිරීම සිදුව තිබෙනවා.
එම ත්‍යාගය ලබාදුන්නේ කවුද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!