Gossip

බොලිවුඩයේ සරාගී නිළි දීපිකා පදුකෝන්ට ඇසිඩ් ප්‍රහාරයක්?

දීපිකා පදුකෝන් මේ දිනවල සිය නවතම සිනමාපටයට සූදානම් වනවා.

එය සත්‍ය සිදුවීමක් පාදක කොටගත් චිත්‍රපටයක් බවයි කියවෙන්නේ.

දීපිකා මේ අලුත් චිත්‍රපටය සමඟින් සිනමා දිවියේ තවත් පියවරක් තබන්නේ නිෂ්පාදනයට ද දායක වෙමින්.

2005 වසරේදී වයස අවුරුදු 15ක් වූ ලක්ෂ්මි අගර්වාල් වෙත එල්ල කෙරුණු ඇසිඩ් ප්‍රහාරය පාදක කොට ගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කරන්න නියමිතයි.

28 හැවිරිදි වියේ පසුවන ලක්ෂ්මී අගර්වාල් මේ වන විට ඇසිඩ් ප්‍රහාර වැළැක්වීම වෙනුවෙන් දැනුවත් කරන්නියක සහ ඇසිඩ් ප්‍රහාරවලට ලක් වූවන් වෙනුවෙන් පෙනී සිටින්නියක ලෙසින් කටයුතු කරමින් සිටිනවා.

බොලිවුඩ් සිනමාවට රහස් ඔත්තුකාරියක කැඳවා ගෙන එමින් ‘රාසි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ මේඝ්ණා ගුල්සාර් විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!