Gossip

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කන්ජිපානිගේ සෙල්ලම් STF එක මට්ටු කළ හැටි

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මොහොමඞ් නජීම් මොහොමඞ් හෙවත් කන්ජිපානි ඉම්රාන් (34) නමැති අය රඳවා සිටින බූස්ස බන්ධනාගාර කඳවුරේ සිරකුටියේ තිබී ස්මාර්ට් ජංගම දුරකථනයක් ඇතුළු දුරකථන 02 ක් හා උපකරණ කිහිපයක් පෙරේදා (06දා) සවස සොයා ගෙන තිබෙනවා.
සංවිධානාත්මක අපරාධකරුවන් පනස් (50) දෙනකු දැනටමත් රඳවා සිටින බූස්ස බන්ධනාගාරයට යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්‍ෂාව තවදුරටත් වැඩි කිරීමට කිරීමට රජය පියවර ගෙන තිබේ.
ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න, වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න සහ නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යන මහත්වරුන් පෙරේදා (06 වැනිදා) එම බන්ධනාගාරයේ සිදුකළ නිරීක්‍ෂණයකින් පසුව මෙම පියවර ගෙන ඇත.
මේ වන විට කොළඹ සහ අනෙකුත් බන්ධනාගාරවල රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම ප‍්‍රබල අපරාධවලට සම්බන්ධ වූවන් සහ කුඩු ජාවාරම හේතුවෙන් දඬුවම් ලැබූවන් බූස්ස බන්ධනාගාරයට ගෙන යෑමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇත.
මේ අතර බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මොහොමඞ් නජීම් මොහොමඞ් හෙවත් කන්ජිපානි ඉම්රාන් (34) නමැති අය රඳවා සිටින බූස්ස බන්ධනාගාර කඳවුරේ සිරකුටියේ තිබී ස්මාර්ට් ජංගම දුරකථනයක් ඇතුළු දුරකථන 02 ක් හා උපකරණ කිහිපයක් පෙරේදා (06දා) සවස සොයා ගෙන තිබෙනවා.
ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක්, සාමාන්‍ය දුරකථනයක්, සිම් කාඞ්පත් දෙකක්, දුරකථන චාජරයක් සහ හෑන්ඞ් ෆී උපකරණයක් මෙසේ සොයා ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන ලද මෙම සෝදිසි මෙහෙයුමේදී කංජිපානි ඉම්රාන් රඳවා සිටි සිරකුටියේ සිවිලිමේ මෙම දුරකථන හා උපාංග සූක්ෂම ලෙස සඟවා තිබූ බව පොලිස් විශේෂ කාර්ය බළකායේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.
මෙයට පෙරද කංජිපානි ඉම්රාන් නමැති මෙම පාතාල රැඳවියාට ලබා දීමට ජංගම දුරකථන දෙකක් හා චාජර් දෙකක් රැගෙන ආ බව කියන ඔහුගේ පියා ඇතුළු ඥාතීන් හය දෙනකුද බූස්ස බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
කුඩු ජාවාරමට සහ ජංගම දුරකථන මගින් බන්ධනාගාරගතව සිටිමින් මෙහෙයවන පාතාල අපරාධවලට තිත තැබීමේ රජයේ වැඩපිළිවෙළට අනුව මෙය කි‍්‍රයාත්මක වීමට නියමිත අතර ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු නිලධාරීන් එහි නිරීක්‍ෂණයක යෙදුණේ ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට බව උසස් බන්ධනාගාර නිලධාරියෙක් සඳහන් කළේය.
පුද්ගලයන් දෙසියයක පමණ පිරිසක් රඳවා තැබිය හැකි බූස්ස බන්ධනාගාරයේ ඇති ගොඩනැගිලි අලූත්වැඩියා කර සීසීටීවී කැමරා පද්ධතියක් ඒ තුළ සවි කිරීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් මේ දිනවල වැඩ ආරම්භ කර තිබේ.
බූස්ස බන්ධනාගාරයට ඇතුළු වන නිලධාරීන් ඇතුළු සියලූම දෙනා දැනටමත් පොලිස් විශෙෂ කාර්ය බළකාය මගින් සියුම් පරීක්‍ෂාවකට ලක් කරන අතර බූස්ස බන්ධනාගරයේ ආරක්‍ෂිත ස්ථාන හයක විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යොදවා සිටින බවද ඉහත නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!