Gossip

බුකිය කළඹපු වෙස් නර්තන කාන්තාවන් ගැනයි මේ…..

සාමාන්‍යයෙන් චිරාගත සම්ප්‍රධාය අනුව කාන්තාවන්ට හිස වෙස් තැබීම සම්පූර්ණයෙන් තහනම් වන අතර පායින්පත් පමණක් බැඳ නර්ථනයේ යෙදෙයි.

වසර කිහිපයකට පෙර “චන්ද්‍රලේකා” නම් කාන්තාවක් පමණක් හිස වෙස් තැබු බවට වාර්තා වී වනවා.

කෙසේවෙතත් මේ දිනවල කාන්තාවන් පිරිසක් වෙස් බැඳ නටන දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජජාලය තුළ ඉතාමත් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා.

ආචාර්ය මිරැන්ඩා හේමලතා මහත්මියගේ කලායතනයේ ශිල්පිණියන් පිරිසක් වෙස් බැද නටමින් මීට මාස කිහිපයකට ඉහතදී පැවැත්වූ කලා උළෙලක ජායාරූපයි මෙලෙස ව්‍යාප්ත වෙමින් තිබෙන්නේ.

සම්ප්‍රධාය අනුව වෙස් තට්ටු ගබඩා කර තිබෙන කාමරයකටවත් කාන්තාවකට යාමට දෙන්නේ නැත.

ලෝකය ක්‍රමයෙන් වෙනස් වන බැවින් සංස්කෘතික අංග වුවද වෙනස් වීමේ වරදක් නැත. පිරිමින් සහ සම සමව ආර්ථික සමාජිය කටයුතු වල නියැලෙන නූතන කාන්තාව හිසවෙස් තැබීම ලොකු වරදක් යැයිද සිතන්නටත් නොහැකි යැයි අප සිතන්නේ නැත.

කෙසේ වුවද ඒ පිළිබඳව තීරණය කිරීමේ අයිතිය ඔබ සතුයි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!